🌺 අවාරය 13 🌺

1.9K 356 149
                                    

මං හිටියේ මිදුලේ...හරියටම කිවුවොත් ශලික සර්ගේ චමරියේ මිදුලේ..80 ගණන් වල ජලාශ හදලා ඉඩම් දීලා මහවැලි ව්‍යාපාරෙන් අලුත් නගර ගම් බිහි කරද්දී...ඒවයෙ රාජකාරි කරන්න දුර පළාත් වලින් ආපු රජයේ සේවකයෝන්ට නතරවෙන්න හදපු ගෙවල් එහෙම නැති නම් ක්වාටස් හුගාක් තිබුණා...අපෙ ගමේ කෙළවරේ..ටවූන් එකට කිට්ටු වෙන්න...ඉස්කෝලේට ගොඩක්ම ආසන්න උන මේ ක්වාටස් එක ගොඩක් වෙලාවට වෙන් උණේ ගමේ ඉස්කෝල දෙකට පත් විම් අරන් ආපු ගුරුවරුන්ට වෙද්දි,දන්න කාලෙ ඉඳන් ගමේ මිනිස්සුන්ට චමරිය උණ මේ නවාතැන...දැන් ශලික සර්ගේ ගෙදර වෙලා තිබුණා වෙද්දි සර්ගේ අම්මාත් එක්ක නංගි අපේ ගමට ගම් කීපයක් එහායින් තිබුණ ගමක සර්ගේ ගෙදර ඉද්දී...සර් මෙහෙ ඉන්නෙ තනියම කියන්න මං දැනගෙන හිටියා...

ඔරලෝසුවේ වෙලාව 7 පහුවෙලා තියෙද්දි...කළුවරේ ගිලිලා ගිය ශලික සර්ගේ චමරිය ඉස්සරහා නතර කරපු කාර් එකට පිටදීලා දැන් පැය භාගයක් විතර ඉඳන් මං හරිම නොසන්සුන්කමකින් මග බලන් උන්නා...

"ඔය අහිංසක කමට පෑහෙන්නෙ නැති හිතුවක්කර කම... උඹට උඹව විතරක් නෙමෙ...උඹ වටේ ඉන්න අයවත් නැති කරපු දවසට...උඹ උඹවම තේරුම් ගනී සදීව්...මට බය...උඹ එතකොට පරක්කු වැඩි වෙයි කියලා..."

එයා පහුගිය දවස් ටිකේ...කරපු උදව් වල ණය පියවන්න වගේ...මගෙන් බැනුම් ගොඩකුත් අහන් කිරි අම්මලාගේ ගෙදරින් එන්න කලින් කේන්තියෙන්ද දුකින්ද...කලකිරිමෙන්ද හිතා ගන්න බැරි බැල්මක් එක්ක කියපු වචන ඝන කලුවර මැද්දෙ හිටන් උන්න මගෙ හිත ඇතුලේ දෝන්කාර දුන්නා...ඒ වචන මතක් වෙද්දීත් මට දැනුණේ බයක් වෙද්දි...ගෙවෙන තප්පරයක් ගානේ...වටපිටාව වෙලා ගත්ත අඳුර මගෙ හිතත් වෙලා ගද්දී ගෙවෙන තප්පරයක් පාසා...මාව තව තවත් නොසන් උණා වෙද්දි...මතකෙට ආපු කිරි අම්මගෙ වචන ඒ නොසන්සුන් කම හමුවේ ගින්නට පිදුරු දැම්මා හා සමාන උණා...
.
.

"මොකක්ද සදීව් උඹ අර දරුවට කතා කරපු විදිහ...මොකක්ද උඹට වෙලා තියෙන්නේ ආ...දවස් ගාණක් තිස්සේ උඹට කරපුවා වැඩි වෙලාද උඹ ඔය කෑ ගැහුවේ ඔහොම..."

.........

ශලික සර්ගේ බයික් එක යන සද්දේ ඇහුණ තප්පරේම කිරි අම්මා කාමරේට දුවගෙන ආවා...

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 CompleteWhere stories live. Discover now