🌺 අවාරය 9 🌺

2K 369 249
                                    

"එහෙනම් චූටි නැන්දා එක්ක පරිස්සමින් ඉන්න..පපා ගිහිං එන්නම්.."

"ඔලත් පලිත්තමින් පපා...බත් ගොඩක් කාලා...බේත් උක්කොම බොන්න...කී අම්මා දෙන තිත්ත කසායත් බොන්න..නුවී ඔක්කොලේ ඇරිලා එද්දී හොඳ වෙලා ඉන්න හාද."

සතියක්...හරියටම සතියක් නුවී ඉස්කෝලෙ යන්න නැතිව...එයාට ලෙඩ හොඳම හොඳයි...ඒත් මට බයයි තනියම යවන්න...සතියකට පස්සේ තවත් සතියක් ආරම්භ වෙලා තියෙද්දි...මං තාමත් අසනීපෙන්...පුංචි කාලෙ ඉඳන්ම නිතර අසනීප නොවුණත්...අසනීප වෙන වෙලාවට මට හුගාක් අමාරු උණා...සමහර විට අසනීප වෙන හැම මොහොතකම...හිතට දැනුණ තනිකම...මගෙ ලෙඩ වැඩි කරන්න ඇති... ඒත් මේ වතාවේ...කිරි අම්මා...මාව පරිස්සම් කරේ...මාව බලා ගත්තෙ...අතේ දියවෙන බෙහෙත් ගුලියක් වගේ පරිස්සමින්...කිරි අම්මගේ දැනමුතු කම් අස්සේම...කිරී අම්මා දොස්තර වෙද්දි මගෙ පුංචි එකා...පුංචි කමට නයිටිංගේල් කෙනෙක් උණා...ඒ පුංචි පිහාටු අත් හැම මොහතකම මගෙ වේදනාවට සහනයක් ගෙන්න කැපවෙලා තිබුණා...ඒත් මේ හැම දෙයක් මැද්දෙමත් තනි කමක් දැනෙද්දී සතියක් අවසානෙත් මට පුරුදු තත්වේට පත්වෙන්න බැරි උණා...උණ අඩු වෙලා තිබුණත්...ඇගේ තෙහෙට්ටුවෙන්...පණ නැති ගතියෙන් මට දැනුණේ ඔත්පල කමක්...

ඒත් නුවී එක දිගට ගෙදර තියාගන්න බැරි නිසාම...අසනීප වෙලා උදා උණ දෙවැනි සතියේ අසනීප පිටින් හරි නුවීව ඉස්කෝලෙ එක්ක යන්න ලැස්ති වෙද්දි...චූටි නංගි ඒ වෙනුවෙන් කැමැත්තෙන්ම ඉදිරිපත් උණා...කොච්චර කොහොම කිව්වත්...මට මං තරම් කාවවත් විස්වාස නැති වෙද්දි හිතේ දෙගිඩියාවක් තිබුණත්,අන්තිමේ මං එකඟ උණා...කොහොම කරත් හිතේ පුංචි බයක් තියෙද්දි මං චූටිවයි නුවීවයි දාන්න බයික් එකේ ඉස්කෝලෙට ගියා..

ඉස්කෝලෙට ගියා උණත්...තවත් එයාව දැක දැක හිත හදාගන්න බැරි කමට,වෙනදා ගෙදරින් යන සුපුරුදු වෙලාව,හිතා මතාම මං මඟ ඇරියා වෙද්දි...එයාගේ හෙවණැල්ලක්වත් නොදැකම ඉස්කෝලෙට එන්න පුළුවන් උණා වෙද්දි මං සැනසුම් සුසුමක් හෙළුවා... හැම සඳුදාම නිවාඩු නේ වෙන්න වයිෆ් වෙනුවෙන්...අදත් නිවාඩු වෙන්න ඇති...රෝන්දේ යන්න...මං හිතුවෙ නොරිස්සුමින්...එහෙම්ම නුවීව ක්ලාස් එකට දාලා..චූටි නන්ඟිව රශ්මි ටීච එක්ක ක්ලාස් එකේම නතර කරලා...ප්‍රින්සිපල් සර්ට පවා ආයි ආයි නුවීව බලන්න කියලා මං එන්න ආවා...

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 CompleteDove le storie prendono vita. Scoprilo ora