එදා අවුරුදු උත්සවෙන් පස්සේ ගෙවුන දවස් කීපයේම...මං අහස පොලව ගැට ගහන්න තරමින් කල්පනා කරා...එයාගෙ බැල්ම ඇස් වලට අහු උණ මොහොතේ ඉඳන්....එයා එක්ක එකතු කර ගත්තු හැම මතකයක්ම...මං එකින් එක පීරලා බැලුවා...මගෙ හිතේ එයා ගැන තියෙන බැඳිිමට...ඒ හැඟීමට... අර්ථකථන දෙන්න උත්සාහ කරා...
ඒ ආදරේ...ආකර්ශනෙකට...එහා ගිය ආදරේ.....
කොහොම උත්තර හෙව්වත්...ඒ හැඟීමට මට දෙන්න පුළුවන් උණ එකම අර්ථකථනේ...දෙන්න පුළුවන් උණ
එකම නම...ආදරය වෙද්දි...ඒ අර්ථකථනය ඇතුලේ...තවමත් අංශුවකින්වත්...වෙනසක් දකින්න මට බැරි උණත්,අවුස්සපු මතක අස්සේ....එයාගෙ හිතේ මං වෙනුවෙන් තියෙන බැඳිම ගැන...මට සෑහෙන්න සැක මතු උණා...මොකද මේ වතාවේ...සදීව්ව කිසිදාක නොදැන උන්න...අහම්බෙන් ඇහැ ගැටුණ.. ලං කරගන්න ඕනා තරමට...සදීව් ඈත් කරන්න හදපු... ශලික සර්ගෙන් එහාට ගිහිං....මං නොදන්නවා උණත්,මාව දැනගෙන උන්න...මගෙ අම්මාව තාමත් මතක තියන්..තවමත් අම්මා වෙනුවෙන් කරන්න බැරි දේවල් කිරි අම්මා වෙනුවෙන් කරන,අපේ ගෙදර නිතර ආව ගිය...කිරි අම්මගේ..ගුණසිංහ ළමයගේ පැත්තෙන්...මං එයාව දකින්න උත්සාහ කරා...
එයා මගෙ අම්මගෙ ගෝලයෙක් කියන්නේ...මං එයාව නොදැන ඉන්න විදිහක් නෑ... අතීත මතක අතරින්...තාමත් මගෙ හිතේ ජීවමානව ඉන්න අම්මගෙ පුංචි ගෝලයො සමහරුන්ගෙ...රූප බොඳ උණත්...තාමත්...සමහරුන්ගේ නම් පවා...මට මතකයි...මොකද ගෙවුණ කාලෙ කොයිතරම් උණත්...මගෙ ජීවිතේ ලස්සනම කාලෙ ගෙවුන... මතක හැමදාමත් ජීව මාණයි...
ඒත්..මේ විජේසින්හ ළමයා...කවුද එතනින්...ඇයි මට මේ නම ගැන මතකයක් නැත්තේ...
මතක අස්සෙන්...ශලික සර්ට දෙන්න අනන්‍යතාවයක් මට හොයා ගන්න බැරි උණත්...මේ වෙද්දි...ශලික සර්ව මඟ අරින්න...ප්‍රතික්ෂේප කරන්න මටම උණු පොරොන්දුව මං ඉල්ලා අස් කර ගත්තා... මොකද මට තේරුම් ගියා...මගෙ හිතේ මොනවා තිබුණත්,එයාගෙ පැත්තෙන් මට ලැබුණ...බැල්මක... හැසිරීමක පවා තිබුණ වෙනස්කම...විශේසත්වේ...මගෙ අම්මා නිසාම ඇති උණ එකක් වෙන්න පුළුවන් වග...
මං නොඇඳනුවට...එයා මාව අඳුනන්න ඇති... ඒ නැතත්...අනික් අය කතාවෙද්දී...එයා දැන ගන්න ඇති මං...වැව ළඟ ගෙදර...මැණිකේ ඉස්කෝලෙ හාමිනේගේ එකම මුනුපුරා...සමන්මලී ටීචගේ...පුතා කියන්න...
YOU ARE READING
❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 Complete
Fanfiction👪 🌷 👪 FF/ NonFF අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න ලියා යමි ගැඹුරු තැන ආදරෙයි උතුරන්න හමා යන සුළඟකින් මගේ නම විමසන්න තබා ගිය පණිවිඩෙන් ආදරෙද පවසන්න Start -2023/06/26 End -2023/10/05 👪🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 👪