🌺 අවාරය 17 🌺

2.1K 340 230
                                    

"පපා...!!!"

"අනේ..තදීව්....."

දවස් ගෙවිලා ගියා හරි ඉක්මනින්...හිතේ සැහැල්ලුවෙන් සැනසීමෙන් ඉද්දී...කාලෙ උණත් ඉගිල්ලෙනවා වෙද්දි...ආදරේ අන්ද නිසාමදෝ ඉස්සර හිතට වද දීපු දහසක් ප්‍රස්න පවා මට අමතක වෙලා යද්දි ශලික සර් එක්ක ලියන්න ගත්තු පොතේ පිටු එකින් එක හරි ලස්සනට ලියවෙන අතරේ තවත් දවසක හවස් වරුවක් උදාවෙලා තිබුණාා...කිරි අම්මා ගමනක් ගිහිං වෙද්දි නුවී එක්ක ගෙදර උන්න
මං හිටියෙ නුවීගේ වගේම මගේත් හෙට ස්කූල් අදින ඇඳුම් අයන් කරන ගමන් වෙද්දි...රෙදි අතර තිබුණ ශලික සර්ගේ ශර්ට් එකක් අතේ තියන් මං සර්ට් එකට හිනා උණා...

ඉස්සර වගේම...මං නුවී එක්ක උදේම ඉස්කෝලෙ ගියා...දවල් ආපහු ආවා...ඉස්සර වගේ හැමදාමත් මඟදී ශලික සර්ගේ බයික් එක අපිට නුදුරෙන්ම මතු උණා...ඉස්සර එයා දැක්කම නොදැක්කා වගේ බිම බලන් හැටට හැටේ දුවපු මං එයාගෙ බයික් එක මතු උණ හැටියේ එයාට හිනා උණා...අපේ ඇස් සිතුවිලි හරි හරියට හැමෝටමත් හොරාවට කාර්යබහුලවෙද්දී...අපිට කතා කරන්නත් නොසෑහෙන්න දේවල් තිබුණා...ඉස්සර සද්ද නැතිව ශලික සර්ට දිහාත් මගේ දිහාත් බල බල කට නොපිට පෙරලන් දුකින් ආපු නුවී දැන් බයික් එක දකින පමාවට දුවන් ගිහින් පුංචියට පුංචියේ කොස් ඇට මියෙක් වගේ අත් උඩට උස්සන් ශලික සර් එයාට දීපු අයිතිය ඉල්ලන්න පුරුදු උණා...විනුකි වගේම අනිත් පොඩි උන්ටත් ශලික සර්ගේ බයික් එකේ තෙල් ටැංකිය ළඟ ඉඩ තහනම් වෙද්දි...නුවී උතුමාණන්ගේ අණට යටත් වෙලා නුවී වෙනුවෙන්ම කැමත්තෙන්ම අයිතිය ලියලා දීපු සරුත්...නුවීව උස්සලා එයා ළඟින් වාඩි කරගන්න සැදි පැහැදි හිටියා...

තව දුරටත් ශලික සර් උදේ රැස්විමට එන්න පරක්කු නොවෙද්දී...ළමයි අතරේ එහා මෙහා වෙන එයා පිටිපස්සේ කලින්ට වඩා නිදහසේ මගේ ඇස් දිව්වා...ඒ ඇස්..මේ ඇස් එකට පැටළුණා... තව දුරටත් හිත් රිදවන මඟ ඇරීම් නොවෙද්දී...මුළු ලොකෙකට හොරෙන් අපේ ඇස් කතා කරා...ඉස්සර මට හෝරාවට නුවීගෙ ඔලුව අත ගාපු,ඔලුවට තට්ටු දාපු ශලික සර් දැන් මට පේන්නම නුවීගේ කණට ලං වෙලා අනම් මනම් කියද්දි නුවී මං දිහා බල බල කටින් අත වහන් උරිස් ගස්ස ගස්ස හිනා උණා...

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 CompleteWhere stories live. Discover now