~~~ශලික POV ~~~
දඟකරන හා ෂැංවත් මං වගේම ලූ
මල් පඳුරේ පිපුණු මලත් මං වගේමලූ
මං වගේම කොවුල් හාමි ගී ගයනවලූ... මම පාඩම් වැඩ හොඳින් කරන හොඳ ළමයෙක්වූ...//කුරුළු පංචා වගේ තාත්තා කියනවා දඟමල්ලක් තමයි කියලා අම්මා කියනවා...//
ආච්චි සීයා රන් මැණිකක් කියලා කියනවා
මේ හැමෝම ආදරයෙන් මාව රකිනවා...//දඟකරන හා ෂැංවත් මං වගේම...
හිරු කිරණක් සේ තාත්තා එළිය ගෙනෙනවා
අම්මා මගේ සඳ එළියක් සේ බැබලෙනවා...//
මිණි පහනක් වාගේ
ගුරැතුමිය ඉන්නවා
මල් උයනකි මගේ පාසල සුවඳ හමනවා...//
අපි හැමෝම වටවෙලා බලන් උන්නේ අපි ඉස්සරහ සිමෙන්ති මේසෙ උඩ දිග ඇරලා තිබුණ ලැප් එකේ ප්ලේ වෙන විඩියෝ එක දිහා..අවුරුදු බර ගාණක් පරණ සිංදුවක්...ඒ සිංදුවට ඉදිරිපත් කරපු නැටුමක් විඩියෝ එකේ ප්ලේ වෙද්දි හැමෝම ඒ දිහා බලන් උන්නේ හැඟීම් බරව වෙද්දි මගේ ඇස් තිබුණෙම අඬන්න ඔන්න මෙන්න ඉන්න එයා ළඟ...මගේ සදී...මගේ පණ ටික...
"අනේ අප්...පච්චි..."
තාමත් එදා වගේම ලස්සන අහිංසක ඒ ඇස් අග එකතුවෙලා තිබුණ කඳුලු බෝල විඩියෝ එකේ අන්තිම තප්පරේ ප්ලේ වෙන ටිකට ඇස් වලින් ගිලිහෙන්න ඔන්න මෙන්න වෙද්දි මන් එයාගෙ ඉණෙන් අල්ලලා ළඟට ඇදලා අරන් තුරුලු කර ගත්තා...හරියට ඒ වෙනකන් බලන් උන්නා වගේ...මං ළඟට ගන්න පමාවට එයා මගේ උරහිසේ ඔළුව ගහන් අඬන්න ගත්තෙ හිත අස්සෙ හිර උණ හැඟීම් කඳුලු එක්ක දිය කරලා අරින ගමන් වෙද්දි එයා වගේ ඉකි ගැහුවේ නැති උණත් මගේ හිත ඇතුලේ පිරිලා ඉතිරිලා තිබුණු හැගිමුත් දියවෙලා ඇවිත් ඩයි ගාලා කලු කරන නිසා තාමත් කළුම කලුවට තියෙන ඒ කෙස් ගස් අස්සෙ බොඳ වෙලා යද්දි මං ඒ කෙස් ගස් අස්සේම මූණ හංගන් අපි ඉස්සරහා ඉඳගෙන හයියෙන් හයියෙන් ඇහිපිය ගහන ගමන් කඳුලු හංගන්න හදන නුවී දිහා බැලුවා...ඉතිං කවුද කියන්නේ එයා අපේ නෙමෙයි කියලා...මගේ කොල්ලා ඒ වයසට උන්න මං වගේමයි...අනිත් අයට කොහොම පෙනුණත් මට පේන්නෙ එහෙම...නුවී විතරක් නෙමෙ සදීත් කියන්නේ එහෙම...වෙන එකක් තියා එයාගෙ මමායි ඩැඩායි කියන්නෙත් එහෙම...
YOU ARE READING
❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 Complete
Fanfiction👪 🌷 👪 FF/ NonFF අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න ලියා යමි ගැඹුරු තැන ආදරෙයි උතුරන්න හමා යන සුළඟකින් මගේ නම විමසන්න තබා ගිය පණිවිඩෙන් ආදරෙද පවසන්න Start -2023/06/26 End -2023/10/05 👪🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 👪