🌺 අවාරය 44 🌺

1.9K 299 80
                                    

"අප්පච්චෝ....පපෝ... දොර අරින්නකෝ...නුවී ආවා....අරින්නකෝ..."

"අපි යමුකො නුවී..පස්සෙ එමු..එයාලා මහන්සියට නිදි වගේ.."

සරම අස්සෙ එකට පැටලිලා උන්න අපි දෙන්නා උන්නේ සිහිකල්පනාවෙනුත් පිට යන ගමන් වෙද්දි එකපාර දොර ගැලවිලා යන්න තඩි බබා කෑ ගහන නුවිගේ සද්දේ නිසා පියවි සියට ආවා..දෙන්නම උණ දේත් එක්ක හොඳ හැටි කලබලවෙද්දී පැටලිලි ලෙහා ගන්න බැරිව එහෙ මෙහෙ වෙන අස්සෙ නුවීව නවත්තන්න හදන කවීන් ගෙ සද්දෙත් ඇහෙද්දී මට හිතුණෙම පොළව පලන් යන්න..කොහොමින් හරි දඟලලා දඟලලා පැටලිලි ලිහන් සරම බේරගත්ත එයා මං දිහාට දත් දෙකත් විරිත්තලා ගිහිං දොරට මුවා වෙලාම යාන්තං දොර ඇරලා දොරෙන් එළියට දාපු ඔළුවත් කහ කහ  කවින් එක්ක මොනවාදෝ කියද්දි එක තප්පරෙන් කඩන් බිඳන් ආපු නුවී මගෙ ඇගට පැන්නා...

"අප්පච්චි මේ මොකෝ...මේ ඔයා ඌවා වෙලා...පපා...මොකද උණේ.."

ඒ පැනලත් සී අයි ඩි එකෙන් වගේ ඇස් චූටි කරන් පිස්සු නටලා වගේ තිබුණ ඇඳ දිහාත් පිස්සෙක් වගේ උන්න මං දිහාත්  බලන ගමන් උන්නා වෙද්දි ඒ එක්කම ආපු අයියා දිහා  නුවී කටත් ඇරගෙන බලන් උන්නා වෙද්දි මං ඔළුවේ අත ගහගත්තා..

"මේ ඔයා...ඌ ..යා වෙලා..මේ පපා..පිස්සෙක් වගේ..මුකො මේ කොන්ඩ අවුස්සන්..බෙඩ්ශිට් අකුළන්..ඔයාලා දොර අරින්නේ නැතුන් මුකො කරේ.."

"ආ..හ්..මේ...අපි...අපි ටිකක් රන්ඩු උනානේ.."

"රන්ඩු..ඒ මොකටද.."

අත් දෙකෙන්ම පපුව වහගන්න හදන ගමන් අයියා කලබලේට හිතට ආපු එක කියලා දාද්දී මං හිනාව කාගෙනම නැගිටලා අවුල් උණ බෙඩ්ශිට් එක හරි ගැස්සුවා...

"මේ..මේ ඉතිං මේ..ජොලියට වගේ..ගොඩක් දවසකින්නේ පපා එක්ක ඉන්නේ...පපා හැංගිලා හිටියට මට චුට්ටක් කේන්ති ගියා..ඉතිං මේ.."

"ආ..ඒ නිසා ඔයාලා ගහ ගත්තද.."

"ආ..නෑ.. නෑ..මේ තරහා ඉවර වෙනකං කුචු කවා ගත්තා.."

රන්ඩු උණ කතාව අහපු ගමන් ඇඳෙන් පැනපු නුවී ගිහිං බලෙන්ම එයාගෙ අත් අහකට කරලා පපුවේ තිබුණ රතු ලප වලට ඇඟිල්ලෙන් අනිද්දී එයා තරහා අරින්න හොයා ගත්තු අලුත් ක්‍රමයක් ගැන කියන ගමන් නුවීව හරහස් අතට බෙල්ල ළඟටම උස්සලා අරන් බඩේ මූණ අතුල්ලද්දී නුවී කකුල් ගස ගස හයියෙන් හිනා උණා...පපුව පුරවන හැඟීමක් අස්සෙ මං ඒ හිනාව දිහා බලන් හිටියේ පුදුම තරම් ආසාවකින්...ඉතිං එයාලා මගේ...

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 CompleteDonde viven las historias. Descúbrelo ahora