"මොකෝ ඒ තරම් මාව විස්වාස නැද්ද...මාත් අම්මා කෙනෙක් සදීව්...මාත් අම්මා කෙනෙක්...ඔයාලට නොදැනුණට මේ හිතේත් පුරවලා ආදරේ තිබුණා...මගේ දරුවගේ සතුට තරම් මොකුත් වටින්නේ නෑ මට...විස්වාස නැත්නම් දහ පාරක් හරි කියවලා අත්සන් කරලා දෙනවා මට..අපිට වැඩිය කාලයක් නෑ...පුළුවන් ඉක්මනින් අපි මේක ඉවර කරන්න ඕනා..."
නෙලීෂා කිව්වත් මන් බලන් උන්නේ තීරණයක් ගන්න බැරිව
"ම්ම්..මේ මේක.."
"එයා ඇවිත් දීලා ගියා.."
"මොකක්...!!"
"එයා ඊයේ මාව මුණ ගැහෙන්න ආවා.."
නෙලීෂා කියද්දි මං එයා මගෙ අත උඩ තිබුණ මුද්ද දිහා බලන් උන්නේ ඇස් වල කඳුලු පිරෙද්දි...ඒ එයාගෙ මුද්ද...ශලික සර්ගේ අතට මං දාපු මුද්ද..!
"එදා සිද්ද උණ දේ නිසා ,ඔයා මාව හිතා හෝ නොහිතා... මැරෙන්න දාලා ආපු නිසා මං ගොඩක් කලකිරුණා සදීව්..ඇත්තටම මං උන්නේ තවත් ඔයාට බුරුලක් දෙන්නේ නෑ කියන තිරණේ...කොටින්ම මං උන්නේ ඔයාගෙන් ඩිවෝස් වෙන්න ඕනා කියන තීරණේ... ඒ වගේම ඔයාට දරුවව දෙන්නෙත් නෑ කියන තීරණේ...ඊයේ උදේ එයා මාව ඇවිත් මුණ ගැහෙනකම්ම..."
"නෙලීෂා..!"
"දන්නවද එයා ඇවිත් ඔය මුද්ද මගේ අතේ තියලා ඉල්ලුවේ එක දෙයයි...ඔයාට දරුවාව නැති කරන්න එපා...එයා අයින් වෙන්නම් කිව්වා..."
නෙලීෂා කියද්දි මං බලන් උන්නේ පුදුම වෙලා..ඇස් පනා පිට සිද්ද වෙන දේවල්,අහන දකින දේවල් අදහා ගන්න බැරි තත්වෙකට මං පත්වෙලා උන්නා...ඊයේ අම්මාව මුණ ගැහිලා හවස්වෙලා ගෙදර එද්දී දවස් ගාණකට අතුරුදහන් වෙලා උන්න එයා කිරි අම්මලගේ ගෙදර ඇවිත් මං එනකං බලන් උන්නා...එයා උන්නේ හරි කලබලෙන්...
.
.
."ම..මට...මට කියපන්...මේ දැන්ම..කියපන් සදීව්...!! කියපන් අන්තිම තීරණේ මොකක්ද...තාමත් මුල් තීරණේමද උඹ ඉන්නේ...කියපන් සදීව්...!!"
මං ගෙට ගොඩවෙන්නත් කලින් මාව මඟදිම නතර කරගත්ත එයා ඇහුවේ උරහිස් දෙකෙන්ම අල්ලලා මාව හොලවන ගමන් වෙද්දි මං බලන් උන්නේ බයවෙලා...එයා හැසිරුණේ කවදාවත් නොවුණ විදිහට...හරියට නිකං උමතුවකින් වගේ...ඒත් ඒ මූණ පුරා ලියවෙලා තිබුණෙ පුදුම තරම් වේදනාවක්...
![](https://img.wattpad.com/cover/342588780-288-k467.jpg)
YOU ARE READING
❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 Complete
Fanfiction👪 🌷 👪 FF/ NonFF අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න ලියා යමි ගැඹුරු තැන ආදරෙයි උතුරන්න හමා යන සුළඟකින් මගේ නම විමසන්න තබා ගිය පණිවිඩෙන් ආදරෙද පවසන්න Start -2023/06/26 End -2023/10/05 👪🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 👪