🌺 අවාරය15🌺

2.2K 353 186
                                    

"මොකෝ..."

මං හිටියේ එයත් එක්ක එක ඇඳේ වෙද්දි බිත්තිය අයිනේ උඩු අතට හැරිලා නිදන් උන්න මගේ ඔළුව එයා දිහාවට හැරිලා තියෙද්දි,මගෙ ඇස් තිබුණේම උඩුබැලි අතට නිදන් සිවිලිම දිහා බලන් ඉන්න එයාගෙ ළඟ වෙද්දි එයා හිටිගමන් ඔළුව හරවලා මගේ දිහා බැලුවා..

මං හිටියේ එයත් එක්ක එක ඇඳේ වෙද්දි බිත්තිය අයිනේ උඩු අතට හැරිලා නිදන් උන්න මගේ ඔළුව එයා දිහාවට හැරිලා තියෙද්දි,මගෙ ඇස් තිබුණේම උඩුබැලි අතට නිදන් සිවිලිම දිහා බලන් ඉන්න එයාගෙ ළඟ වෙද්දි එයා හිටිගමන් ඔළුව හරවලා මගේ දිහා බැලුවා

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

"ආ..ව්ව.."

එයා බලද්දිම මං ඉක්මනින් අනික් අතට හැරෙන්න හැදුවා උණත්...එයා පරිස්සමට කොට්ට උඩින් තියලා තිබුණ තුවාල අත් මගෙ කලබලේ නිසා රිදවෙද්දී මට කෑගැහුනා වෙද්දි එයාගෙ අතක් ඉක්මනින් ඇවිත් මගෙ පපුව උඩින් නතර උණා...හරියට තවත් දඟලන්න එපා කියන්න වගේ...

"හැමදාම...රිද්ද ගන්නවා...බොරුවට කලබල වෙන්න ගිහිං..."

තරවටු කරන්න වගේ බැල්මකින් එයා මගෙ දිහා බලලා කියන ගමන්...එයාගෙ පපුව උඩ මේ වෙද්දීත් තදම තද නින්දක හිටපු නුවීව හෙමින් සීරුවේ අපි දෙන්නාගේ මැද්දෙන් තියලා..මං දිහාවට හැරුණා...

ඔව් අපි හිටියෙ කිරි අම්මගෙ ගෙදර නුවීගෙයි මගෙයි කාමරේ...හිතට වද දුන්න ප්‍රස්න උත්තර තේරුම් බේරුම් කරගෙන...අරන් ගිය බත් එකත් කාලා ඉවරවෙද්දී...තවත් ලොකු ප්‍රස්නයක් මතුවෙලා තිබුණා...මං ආපු විදිහටම තනියම යන්නම් කියලා කොයිතරම් කියලත් ශලික සර් එකඟ නොවෙද්දී...එක්කො ඉන්න නැතිනම් එයත් එක්කම යන්න කියලා එයා මට බල කරා...

කොයි විදිහෙන්වත් එයත් එක්ක තනියම රැයක් ගත කරන්න මට හිත හදාගන්න බැරි වෙද්දි...ඊටත් එහා නුවීව අදත් තනියම තියන්න බැරි නිසාම...එයා ගියොත්...නුවීගෙන් බේරිලා ආපහු එන්න එයාට බැරි වෙන බව සක්සුදක් සේම දැනගෙන උන්නා උණත්...අන්තිමේ කරන්න දෙයක් නැති කමට...එයාගෙ කැමැත්තකට ඉඩ දෙන්න මං හිත හදා ගත්තා වෙද්දි...එයාට ඕනා උණු විදිහටම මගෙ කාර් එක චමරියේ දාලා අපි එයාගෙ බයික් එකේ ගෙදර ආවා...

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 CompleteМесто, где живут истории. Откройте их для себя