🌺 අවාරය 27 🌺

1.6K 292 126
                                    

දවස් ගෙවුණා...ලොකු කුණාටුවකට පස්සෙ පරිසරේ ආපහු නිහඬ උණා...ශලික සර් නුවීව බලා ගද්දී  මං ගෙදරටම කොටු උණා..නුවී ඉස්කෝලෙ ආවෙ ගියෙත් ඉස්කෝලෙදි උන්නෙත් එයාගෙ අප්පච්චි එක්කම වෙද්දි මං හිටියෙ සැනසීමේන්...ඊටත් වඩා නුවී උන්නේ මුළු ලෝකයක් ලැබුණා වගේ...කොහොම උණත් මට මඟ ඇරිලා තිබුණ ප්‍රෙෂ් එකෙත් ස්ටූඩියෝ එකෙත් වැඩ වෙනදට වඩා උනන්දුවෙන් හොයලා බලන්න මං ගෙදර තනි උණ කාලෙ යොදා ගත්තා..

ලොකු සර් හැමදේම ගොඩින් බේරන්න හදද්දීත් ප්‍රියංකා ටීච එදා උදේ කෑ ගහලා කරපු විකාරේ නිසා සිද්ද උණ දේ මුළු ගමම දැන ගත්තා...ඒ සිද්ධියෙන් පස්සෙ සර් බට්ටිගේ  ගෙදරටම ගිහිං මහ මිනිස්සුන්ටත් එක්ක හොඳ හැටි අමතලා ඒ තරම් කල් තිබුණ හිතවත්කම් නෑදෑකම් උණත් එතනින් එහාට ඕනා නෑ කියලා ඇවිත් තිබුණා වගේම සර්ගේ අම්මාටයි නංගිටයි කැමැති දෙයක් කරගන්න නිදහසත් දුන්නා..කොහොම උණත් ඒ දෙන්නා උණත් සර්ගේ මතේට පිටින් ගියේ නෑ වෙද්දි ඉන්පස්සේ බට්ටිගෙ හෙවණැල්ලක්වත් ආපහු දකින්න බැරි උනා..ඇවිස්සුන ප්‍රස්නෙත් එක්ක ප්‍රියංකා ටීචගෙත් පෙර වැරදි එලියට ආවා  වෙද්දි..මිනිස්සු එළිපිටම එයාලව ප්‍රතික්ශේප කරා වගේම.. ඔය දේසපාලන අත් වල පිහිටෙන්ම අක්කා නගෝ දෙන්නම ගෙවල් ලඟ ඉස්කෝලෙකටම පත්වීම හදාගන්න දතකන බව ආරංචි උණා..

කොහොම උණත් මේ සිද්ධියෙන් පස්සෙ ශලික සර් මම නුවී ගැන මිනිස්සුන්ගේ අවධානේ යොමු උණේ අපි අකමැතිම විදිහට වෙද්දි බහුතරයක් අපෙ පැත්ත අරන් ප්‍රසිද්ධියේම ප්‍රියංකා ටීචලාව හෙලා දැක්කා...ඒත් ප්‍රියංකා ටීච යන්න කලින් කියපු වචන මතක් වෙද්දි මට නම් හොඳක් දැනුණෙම නෑ...

කොහොම උණත් මේ වෙද්දි ගමේ මිනිස්සු අතර ගත්තොත් අපි දෙන්නාගේ සමීප ආස්‍රයා ගැන තිබුණෙ සුබවාදී ආකල්පයක්...ඒ මිනිස්සු සමලිංගික සම්බන්ධයක් අනුමත කරපු නිසාවත්,අනියම් සම්බන්ධයක් අනුමත කරපු නිසාවත් නෙමෙ..කොටින්ම ඒ මිනිස්සු හැදුණ වැඩුණ පරිසරේ එක්ක පිරිමි දෙන්නෙක් අතර යාලුකමකට හෝ සහෝදරකමකට එහා ගිය සම්බන්ධයක් තියෙන්න පුළුවන් කියන එක ගැන බහුතරේකට අදහසක් තිබුනෙ නෑ වෙද්දී,ඒ වගේ දෙයක් දැක්කත් හිතට යන විදිහට ඒ මිනිස්සුන්ගේ මනස හැදිලා තිබුණෙ නෑ..හරියට ඒ මිනිස්සු ලෝකේ දිහා බලන්න දාන් උන්න කණ්ණාඩි වලින් දකින ලෝක වල උන්නේ ආදරේ කරන ආදරේ ඇතිව හෝ නැතිව කසාද බඳින ළමයි හදන ගෑණු පිරිමි විතරක් වෙද්දි අපි මොන තරම් කිට්ටුවෙන් උන්නත් ඒ මිනිස්සු අපි දිහා බලපු කණ්ණාඩි වලට අපිව පෙනුණේ හොඳම යාළුවෝ හෝ සහෝදරයෝ විදිහට විතරයි...සමහර විට ගමෙන් පිට ලෝකෙට ගිහිං දේදුනු පාට කණ්ණාඩිකින් බලපු කෙනෙක් හෝ ඒවගේ ලෝකේ දැකපු කෙනෙකුගේ ආකල්ප වලට විවුර්ත උණ කෙනෙක් මෙතන තියෙන සැබෑ තත්වේ ඇඟිල්ලෙන් ඇනලා..මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ කියලා පෙන්නලා කියනකම් කොටින්ම කවුරුත් ඒ ඇහින් අපි දිහා නොබලාවී...බැලුවත් දැක්කත් විස්වාස නොකරාවි..දැකපු කෙනෙක් උණත් ඒ ගැන විවුර්තව කතා නොකරාවි...

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 CompleteWhere stories live. Discover now