🌺 අවාරය 38 🌺

1.6K 294 123
                                    

අප්පච්චි කියපු දහසක් දේවල් එක්ක මං නොදන්න ඒත් මගේ ජීවිතේත් තීරණේ කරපු කතාව ආපහු මතක් වෙද්දි ඒ කතාව ඇතුලේ..මඟ ඇරුණ නිසා වේදනා දුන්න දේවල් වගේම..අනාගතේ වෙනුවෙන්  ගන්න පුළුවන් දේවල් හුගාක් තිබුණා උණත්,මේ වෙලාවේ උන්න මානසිකත්වෙත් එක්ක හිතට හැම දෙයක් ගැනම දැනුණේ කලකිරිමක් විතරක් වෙද්දී...කිසි දෙයක් පැහැදිලිව හිතලා බලලා තේරුම් කරගන්න මට බැරි උනා...ඒත් මොහොතකට කලින් හිතට ආපු සිතුවිල්ලටත් මං සාප කරා...එතනදි විතරක් අප්පච්චි හරි...මොන ප්‍රස්න ආවත් ජීවිතෙන් යන එක කොහොමත්..සුදුසු තීරණයක් නෙමෙ...එයා වගේම..මමත්...අම්මට ඒ වෙනුවෙන් සමාව දෙන එකක් නෑ...කවදාවත්....

නුවී උණත් ශලික සර් උණත්...සතුටු වෙයි...මේ ලෝකේ කොහේ උණත්..මං හොදින් ඉන්නවා කියලා දන්නවා නම්...හොදින් නැති උණත්... තාමත් තුන්කොණක උණත්...අපි ඉන්නේ එක අහසක් යට කියන හැඟීම විතරක්ම හරි...අපිට ශක්තියක් වේවි...

අතේ තිබුණ මුද්ද කරකවා කරකවා සිවිලිම දිහා බලන් අප්පච්චි හොස්පිට්ල් එකේදී කිව්ව දේවල් ගැන කල්පනාවේ උන්න මං සිහියට ආවෙ ඇඳ උඩ රින්ග් වෙන්න ගත්ත මගෙ ෆොන් එකේ සද්දෙට...අක්කු අම්මා...රින්ග් වෙලා කට් වෙන ෆොන් එක දිහා මං බලන් උන්නේ හිස් හැඟීමෙන්...ඒත් කෝල් එක කට් වෙද්දි...හිතට පොඩි බලාපොරොත්තුවක් දැනුණා...එයා ගැන මොනවාම හරි දැන ගන්න පුළුවන් උණොත් හිතෙද්දි...ආපහු රින්ග් උණ ෆොන් එක හොඳ හුස්මක් අරන් මං  කනේ තියා ගත්තා...

"මය පුතේ..."

"අම්මා.."

අම්මගෙ කටහඩ ඇහෙද්දීත්...හිතට දැනුණ තනිකම මොහොතකට අතුරුදන් වෙද්දි..මට මගේ අම්මාව වෙන කවදාටත් වඩා මතක් උණා...

"උඹ හොදින්ද දෙයියෝ.."

"හ්ම්.."

ඉතිං මන් හොදින් නොවුණත්...කොහොම කියන්නද අම්මේ...මේ ඇවිලෙන ගින්නෙන් මං විතරක් ඇවිළෙද්දෙන්...ඔයාලා කිසි දෙයක් නොදැන ඉන්නයි මට ඕන...

"මය පුතා ඇත්ත නේද කියන්නේ...මං දන්නවා උඹ හොදින් නෑ..උඹ අපේ කොල්ලා එක්ක කතා කරාලු නේද..උඹ අන්තිම තිරණේ කිව්වලු... ඉතිං කොහොමද උඹ හොදින් වෙන්නේ...හිතේ තියෙන දෙයක් මේ අම්මා එක්කවත් කියපන් පුතේ.."

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 CompleteWhere stories live. Discover now