🌺 අවාරය 6 🌺

2.1K 381 167
                                    

"අක්කේ අද මේ පැත්තේ..."

"ආහ්..අද 5 වසර ගුරුවරු කවුරුත් නෑ මල්ලි..ළමයිට පේපර්ස් දිලා ගියා...අම්මලා දෙතුන් දෙනෙක් ඉන්නවා පංති බලන්න.."

"ඇයි කොහෙ ගිහින්ද...."

සදුදා උදේ නුවීවත් ක්ලාස් එකට දාලා එළියට එද්දී මුණ ගැහුණ අඳුරන අම්මා කෙනෙක් එක්ක කතා කරද්දි ලැබුණ උත්තරේත් එක්ක හිතට ආපු ප්‍රස්නේ නොදැනිම මගේ කටෙන් එළියට පැන්නා...

"පුහුණුවක්ලු මල්ලි...අනික් අයට නම් අදයි හෙටයි විතරයි....අපේ පුතාලගෙ සර් නම් සතියක්ම නැල්ලු..."

ඒ අම්මා උත්තර දෙද්දී එයාලගෙ පුතාගේ සර්ව දන්න නිසාම මට නොදැනිම ඈත පේන පහල ඉස්කෝලෙ දිහා බැලුනා.. සතියක් නැතිලු...දැන් දවස් කීපෙකට කලින් ඇහුවා නම්,සතියක් එයා නොදැක ඉන්නවා කියද්දි නොසෑහෙන්න දැනෙන පාළුවක් එක්ක හිත රිදෙන්න තිබුණත්...මේ වෙලාවේ දැනුණ පාළු හැඟීම යට ගහමින් මට සැහැල්ලුවක් දැනුණා...

මොකද මං අද ආවේ තීරණයක් අරන්...හැමෝගෙම හිත් රිදවෙලා විනාසයක් වෙන්න කලින්, මගේ හිතේ පවා ශලික සර් වෙණුවෙන් තියෙන ඉඩ ආපහු මං ගන්න ඕනා..... මගේ හිතේ තියෙන හැඟීමක් නිසා ශලික සර්ගේ වගේම මගේත් ජීවිත අවුල් වෙයි කියන බය...එයාව හිතිනුත් අත ඇරලා දාන්න මාව පෙළඹෙව්වා...මොකද අනියමක ප්‍රතිඵල...මං කාටත් වඩා හොඳට අත් විඳලා තියෙනවා...සහ තාමත් අත් විඳිනවා...

ඉතිං..ශලික සර් සතියක් නෑ කියන්නේ...නිතර එයාව මුණ ගහෙන්නේ නෑ කියන්නේ...ඒක මට ලැබුණ හොඳ අවස්ථාවක්...හිතිනුත් එයාව අත ඇරලා දාන්න...එයා නැති ඉස්කෝලෙ පුරා නිදහසේ ඇස් අරන් ගිය මං පපුව පුරවලා හොඳ හුස්මක් ගත්තා...

ඉස්කෝලේ නාවට...පුහුණුව ඉවරවෙලා... හවස වැව පැත්තෙ එයි...මගෙ යටි හිත උඩ හිතට විරුද්ධව ඒ ටිකට කැරලි ගැහුවා...

"සර් ගමේ ගිහින්ද නංගි..මං උදේම චමරියට ගියා...දොර වහලනේ..."

ඒ එක්කම ආපු තව අම්මා කෙනෙක් අර අක්කා එක්ක කතාවට වැටෙද්දී නොදැනිම මගෙ කන් ඒ පැත්තට යොමු උණා...චමරියේ ඉන්නවා කිව්වේ..එයාගෙ ගෙවල් මෙහෙ නෙමේද.. සමහර විට එදා ගේට් එක ළඟ නතර වෙලාම බලන් හිටියේ සතියක්ම ස්කූල් එන්නේ නැති නිසා මාව බලලා යන්න ඕනා උණ නිසාද...පපුව පුරා ගිය හිරියක් එක්ක එදා එයා ගේට් එක ළඟ ඉන්නවා දැක දැක දොර වහපු එක ගැන.. හිතට වද දීපු වැරදි සහගත හැඟීම ආයිමත් හිතට වද දෙන්න ගත්තා..

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 CompleteWhere stories live. Discover now