🌺 අවසන් අවාරය 🌺

2.7K 313 224
                                    

"ම්ම්..හ්..ක් එපා ඒයි..ආ නෑ කියන්න.ඔව් ලූණු ටික හොඳට බදින්න.."

"කළු වෙන්න බදින්න ඕනද.."

"නෑ නෑ කළු කරන්න එපාහ්හ..අප්පාහ්හ.."

මන් උන්නේ නෙලීෂා එක්ක කෝල් එකක..රෑ 9යි ගාණකුත් වෙලා තියෙද්දී හදිසියේ ආපු දොළදුක පිරිමහගන්න රෙසිපියක් කියලා දෙන ගමන්..මං කියනවා...නෙලීෂා උපදෙස් දෙනවා...කවීන් හදනවා...කවුරු මොන කෑම හදලා දුන්නත්,ඒ පොඩි උන්ට කන්න ඕනාම මගේ කෑම...පොෂ් කෑම විතරක් කන නෙලීෂා ඒ පොඩි උන් බඩේ ඉන්න කාලෙට රහයි ගුණයි අසමසමයි කිය කිය මං හදන ගමේ ගොඩේ කෑම ඉල්ල ඉල්ල කෑවා..ඒ මදිවෙලා කිරි අම්මට කියලත් බත් ගෙඩි බැඳ බැඳ අපි යන ගානේ ගෙන්න ගත්තා...

කොහොමහරි හරි කපටි අදහසක් එක්ක හෙට ගමන ගැන දහසක් සුරංගනා කතා කියලා අද කලින්ම නුවීව නිදි කරලා ආපු එයා කර කර හිටපු කතාව කරගන්න නොදී මගෙ ඇගේ වෙලි වෙලී වල්කම් කරන්න ගත්තා..මගේ පිටිපස්සෙන් හිටන් ඉන වටේ අත් යවන් උන්න එයා මගේ බෙල්ල පුරා තොල් ගාවද්දී මට කෙදිරි ගෑ උණා...

ඉතිං සෑහෙන්න කල් ගිහිං..දින සති මාස ගෙවිලා අවුරුදු දෙක හමාරකට කිට්ටු කාලයක්ම ගෙවිලා..දෙපැත්තෙම එකඟතාවේ නිසා ලේසියෙන්ම ඩිවෝස් එක ගන්න පුළුවන් උණා වෙද්දි ඒ ඉක්මනින් නෙලීෂායි කවීනුයි මැරි කරා...අනිත් අතට ඒ දෙන්නාගේ මැදිහත් වීමෙන් ඔක්කොම වැඩ කෙරෙද්දි අපි දෙන්නත් කැනඩා ගිහිං ඔය ඕනයි කියන කොලෙත් ලියාගෙන ආවා..නෙලීෂාගේ ගෙදර අයගෙන් ප්‍රස්න ආවත්,අන්තිමේ ලොකු අවුලක් නැතිව නුවීන්ගෙ අයිතියත් අපිටම ලැබෙද්දී ජීවිතේට ලැබුණ දෙවැනි අවස්ථාව නිසා අපි හැමෝම උන්නේ සතුටින්..

අමාරුවෙන් උණත් අමතක නොවෙන මතක එකතු කරමින් ගෙවුණ දවස් වලට පස්සෙ අපි ආපහු හොරණ ආවා..අයියා ලෑස්ති කරලා තිබුණ විදිහටම අර international ස්කූල් එකේ වැඩට යද්දි...එයාගෙ ටියුෂන් වැඩෙ බලාපොරොත්තු නොවුණ තරම් සාර්ථක උණා...ගමේ වගේ නෙමෙ..මෙහෙ ටවුන් එකේ යමක් කමක් තියෙන මිනිස්සු අතරෙ තිබුණ ඉහවහාගිය තරගකාරිත්වෙ නිසා ළමයි පිස්සුවෙන් වගේ ටියුෂන් පස්සෙ දිව්වා..ශලික සර් පෙන්නපු ප්‍රතිඵල නිසාම හරි ඉක්මනින් ලොකු ළමයි පිරිසක් ශලික සර් වටේ එකතු වෙද්දි එයාගෙ දක්ෂකම මහන්සිය නිසා ශිෂ්‍යත්ව විභාග දේශකයෙක් විදිහට එයා හරි ඉක්මනින් හොඳ නමක් දිනා ගත්තා...

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 CompleteWhere stories live. Discover now