🌺 අවාරය 42 🌺

1.7K 308 180
                                    

"ඔයා මාව බඳින්න කැමැතිද කියලා මං අහන්නේ නෑ සදී...මං කියන්නේ උඹ මාව බඳින්න ම ඕනා...!!"

වටපිටේම එයාව හොයපු මට අන්තිමේ එයාව හම්බුනා...කට්ටිය හිනා හඬවල් විහිළු මැද්දෙ පෙන්නපු දිහා බලපු මට මගෙ ඉස්සරහා බිම දණගහගෙන මගෙ දිහාවට මුද්ද්දක් දික් කරන් ඉන්න එයාව හම්බවුණා වෙද්දි එක තප්පරෙකට...මේ සෙනඟක් මැද්දෙ උණ දේ දිහා කට ඇරගෙන බලන් උන්නත්...ලේසියෙන් මගෙන් දකින්න අමාරු හිනාවකින් මගෙ මූණ පිරිලා ගියා...ඒත් තප්පරයයි දෙකයි....මල්වෙඩිල්ලක් පුපුරණවා වගේ එකපාර ඇදිලා ගිය හිනාව අනික් අතට මැකිලා ගියා...

"අ.. අ.. අයි..යේ මං..මං.."

"මං උබේ අදහස් ඇහුවේ නෑ සදී...මෙච්චරකල් මං ඒවා ඇහුවා.. ඒත් අද...මේ මොහොතේ...තවත් අහන්න ඕනා නෑ..."

එයා හරි ස්ථිර කටහඬකින් එහෙම කියද්දි මං එයා දිහා පුදුමෙන් බලන් හිටියා..මෙතන අප්පච්චිත් ඉන්නවා කියන්නේ එයා සිද්ද උණ දේවල් අකුරක් ගානේ දන්නවා...එදා මං යන්න කලින් අන්තිම වතාවට එයා කෝල් කරපු වෙලාවෙම එයා හැමදේම දැනගෙන උන්නා...ඒත් ආපහු මුණ ගැහිලා මේ මොහොත වෙනකන් එයා මගෙන් නුවී ගැන වචනයක්වත් ඇහුවේ නෑ...ඇත්තම කතාව එහෙම දෙයක් අහන්න මං පුංචිම ඉඩක්වත් දුන්නේ නෑ...එහෙම දුන්නා නම් මං මේ තරම් අමාරුවෙන් අල්ලන් ඉන්න තරම මට තව දුරටත් අල්ලන් ඉන්න බෑ...හිතේ තියෙන හැම වේදනාබර අංශුවක්ම මං එයා ළඟ දිග අරියි... හිතන් උන්නේ එයා බට්ටි එක්ක ඉස්සරහට යන්න තීරණය කරලා තිබුණ බව වෙද්දි මගෙ වේදනාව එයා ඉස්සරහා දිග අරින්න මට ඕනා උණේ නෑ..

ඒත් දැන්..මං හිතන් උන්න හැමදේම කණපිට ගැහෙද්දී ඇත්තටම මට එයාගෙ ආදරේ අවතක්සේරු කරපු එක ගැන පසුතැවීමක් දැනුණා වෙද්දි තාමත් මං උන්නේ නොහිතපු විදිහට සිද්ද උණ දේවල් එකින් එක තේරුම් ගන්න බැරිව..හරියට හීනයක් දැක දැක ඉද්දී හදිසියේ නින්දෙන් ඇහැරුණා වගේ ..ඒ ඔක්කොමත් අතරෙ නොහිතපු විදිහට සිද්ද උණ දේ එක්ක එකපාර මොනා කරන්නද මට තේරුණේ නෑ...ඇත්තටම මට මේ වෙලාවේ මොනාද ඕනා කියන එක ගැන මට හිතාගන්න බැරි උණා..

ඒත් වටවෙලා උන්න එයාගෙ පවුලේ අය යාලුවෝ හා කියන්න කියලා කැ ගහන සද්දේ එක්ක සිහියට ඇවිත් ටිකින් ටික මනස පැහැදිලි වෙද්දි ඉස්සර මං මවපු හීන මට මතක් උණා...ඇත්තටම අද වගේ දවසක් ගැන මං හීන මැවූවා... ඒ හැම හීනයක්ම නුවී මම එයා අපි තුන්දෙනා වෙනුවෙන්ම වෙද්දි...ඒ හිනේ සම්පූර්ණ වෙන මොහොතේ මට නුවී නැති අඩුව මහ ලොකුවට දැනුණා..අපිත් හරියට තුන්පත් රෑණක් වගේ...එයින් කෙනෙක් අඩු උනොත් කොහොමවත් එතන වටිනාකමක් නෑ...කොටින්ම මේ අපි තුන්දෙනාගේ කතාව මිසක් දෙන්නෙකුගෙ කතාව නෙමෙ.අන්තිමේ
මේ වෙලාවේ මීට වඩා ඇත්තටම මට ඕනා උණ දේ මට පැහැදිලි උණා...හැමදේකටම කලින් මට ඕනා සිද්ද උණ දේවල් ගැන එයා එක්ක කතාකරන්න...නුවී ගැන හිතේ තියෙන හැම බයක් වේදනාවක්ම ඒ පපුව අස්සෙ හැංගිලා දිය කරලා දාන්න...

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 CompleteWhere stories live. Discover now