🌺 අවාරය 23🌺

1.5K 310 110
                                    

"මොකද සුදු මහත්තයා මේ.."

.....

"මොකද උණේ කියපන් බං... අර දරුවා තනියෙන් දාලා උඹ මොකද මේ ගෙදර ආවේ.."

ශලික සර්වයි බට්ටිවයි දැකලා හිත රිද්දන් ගෙදර එන්න ආපු මං.. එනගමන්ම..ඉස්කෝලෙට ගිහිං නුවීව බලන්න කියලා චූටිටත් පණිවිඩේ දීගෙන කඩාගෙන බිඳගෙන ගෙට ගොඩවෙද්දී ගේ අතු ගගා උන්න කිරි අම්මා මං දිහා බලන් උන්නේ පුදුමෙන්...

"සනීප නෑ වගේ..."

"ඒ අහවල් අසනීපයක්ද බං..! දැන් ඔය උදෙත් හොඳට හිටියේ.."

"ඇඟට හරි නෑ අප්පා..ඒ නිසා ආවේ.."

"එතකොට දරුවා.."

"මං චූටිට යන්න කියන් ආවේ..ලොකු සර්ටයි ටීචටයිත් මගින් එද්දී කෝල් කරා.."

"ඇයි උඹ ඉස්කෝලේ නෙමේද ගියේ..මඟඉඳන් කෝල් දිදී ආවේ...මුණ ගැහිලා නොකියා.."

......

ගෙට ගොඩ උණ මං එහෙම්ම පුටුවකට කඩන් වැටිලා දාන් උන්න සපත්තු ගලවන ගමන් කිරි අම්මට උත්තර දුන්නේ නොදී බැරි කමට...

"අර දරුවා ආවද.."

"මං දන්නේ කොහොමද.."

"ආ දන්නේ නැද්ද..මං හිතුවෙ උඹ දන්නවා කියලා...හිටපන් කොහෙද ඔය යන්නේ... අසනීප නම් බෙහෙත් ගන්න පලයං..කාමරේ අස්සෙ රිංගන් දොර වහ ගන්නේ..."

ඒ එක්කම කිරි අම්මා ශලික සර් ආවද අහද්දී ආයිමත් පැරුණ හිත වේදනා දෙන ගමන් ඇස් වල කඳුලු පිරෙද්දී...කිරි අම්මා දකි කියලා බයෙන් මං කාමරේට ඇවිත් දොර වහගත්තා...

"මං පෙන්ඩෝල් බීලා නිදාගන්නවා..ඇහරවන්න එන්න එපා.."

"අනේ සුදු මහත්තයා මොකද උණේ කියපන් බං...මේ දොර ඇරපං...උඹට ඇති අසනීපයක් නෑ...අද මොකටද හිත රිද්දන් ආවේ කියපන්..."

"මං හොදින් අයියෝ...කිරි අම්මා ගිහිං වැඩක් කරගන්නකො.."

කිරි අම්මා දොරේ හැන්ඩ්ල් එක කරකෝ කරකෝ කෑ ගහද්දී උත්තර දීපු මං ඇඳගෙන උන්න ඇඳුම් පිටින්ම ඇදට වැටිලා කොට්ටයක් අස්සෙ මූණ හංගා ගත්තෙ දැනුණ අසරණ කමට...
.
.
.
"මේ දරුවට උන්න ගමන් මොන යකෙක් වැහෙනවාද කියන්න මට තේරෙන්නේ නෑ පුතේ...පහුගිය දවස් දෙකේම මූණ එල්ලන් උන්නේ...ඔහේ කල්පනාව බලාගත්ත අතේ බලන්...පොඩි එකාටත් සැර දානවා මං අහගෙන..."

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 CompleteWhere stories live. Discover now