🌺 අවාරය 31 🌺

1.6K 294 98
                                    

"අක්කු අම්මා.."

"දෙයියනේ මගෙ සුදු මහත්තයා..මගෙ රත්තරං දැන් ලොකු වෙලා තියෙන තරම්..."

අද ජනවාරි පළවෙනිදා...ඉරිදා දවසක් වෙද්දි එදා මට එයාව මතක් උණාට පස්සෙ ශලීව් අයියාට එයාගෙ අම්මට මාව පෙන්නන්න ඕනා උණා වෙද්දි, එයා අම්මාව එක්කගෙන කිරි අම්මලාගේ ගෙදර ආවා..මං යන්නම් කිව්වත් අම්මා කිරි අම්මාව බලන්න ඕනා කිය කිය ඉන්නවා කියපු නිසා එයා කාර් එකේ ගිහිං අම්මාවයි නංගිවයි එක්ක ආවා වෙද්දි මාව දැකපු ගමන් මගෙ අත පයේ ඉඳන් ඉඹ ඉඹ මාව අත ගාද්දී මට දැනුණේ මගෙ අම්මා ආපහු ඇවිත් වගේ...

ඉතිං අම්මා වගේ තමා...එයා තමා අම්මා ඉස්කෝලෙ ගියාම මාව පුංචි කාලෙ බලාගෙන තියෙන්නේ...මට යාන්තං අවුරුදු 2ක් විතර කාලෙ ඉඳන්ම..ඒ දවස්වල මට මාස ගාණක් බාල මට කලින් අවුරුද්දෙ ඉපදුණ එයාගේ නංගිගේ කිරි ටික පවා,අම්මා ඉස්කෝලෙ ගිහිං ඉන්න වෙලාවට අක්කු අම්මා මට පෙව්වලු..අක්කු අම්මා කියන නම පවා මන් හදන් තිබුණෙ ඒ නිසාලු...ඇත්තටම මේ දේවල් ගැන පැහැදිලි මතකයක් නෑ.. ඒත් එදා එයාව මතක් උනාට පස්සෙ මට මතකයි මේ නමින් අය මගෙ ජීවිතේ උන්නා කියන්න..මේ දවස්වලම කිරි අම්මා වගේම එයා කියපු විස්තර එක්ක ඒ අතීතේ ගැන හොඳ හැඟීමක් මට තිබුණා...ඒත් කිරි අම්මයි විජේසින්හ ළමයයි...කිව්වේම නෑ මං එයා එක්ක තරහා වෙලා ඉන්න හේතුව..

එයාගෙ නංගි චූටික්කිත් දැන් හුගාක් ලොකුයි..පුංචි නර්ස් නෝනා කෙනෙක්..

"ඒ..මේ..තදීව්...ඉවර නම් පැත්තකට වෙන්නකු...මටත් අක්කු අම්මගෙන් උම්මා ඕනා."

"අනේ මගෙ චූටි මැණික....අක්කු අම්මා දැක්කෙ නෑ දෙයියෝ...කෝ එන්නකෝ වඩා ගන්න...අම්මෝ ඉතිං උස්සගන්නත් බෑ මට...අපෙ සුදු මහත්තයාට ඉන්නෙ ලොකු මහත්තයෙක්නේ අප්පා..."

අම්මා මාව අත අරින්නෙම නැතුව කඳුලු පිහ පිහා ඉඹිද්දී නුවී ඇවිත් මගෙ අතින් ඇද්දෙ පොඩියට පොඩියේ ඉඳගෙන උඩ බලන් වෙද්දි...අම්මා නැමිලා නුවිව වඩා ගන්න හදද්දී මං නුවීව උස්සලා අම්මා අතට දෙද්දී අම්මා නුවීවත් ඉම්ඹේ ආසාවෙන්...

"අනේ කුක්කු බෝලේ....කොහෙද අනේ හැංගිලා උන්නේ මෙච්චර කල්... අපිව බලන්න එන්නෙ නැතුන්...හ්..තමුන් එක්ක කතාවක් නෑ...මෝඩ සුද්දා...අපෙ අයියාව අමතක් කරලා...මූ පොලවේ පස් කාපු හැටියට තව ඩින්ගෙන් අපෙ මිදුල ගිලා බහිනවා..ඒව්...මේකා හොටු කකා අඬන්නේ...එදාට අපිත් බඩගින්නෙ අප්පිරියාවටම.."

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 CompleteWhere stories live. Discover now