🌺 අවාරය 45 🌺

2.1K 305 144
                                    

"අයි...යේ...."

......

"අයියේ..සුදු මහත්තයා...මේ දොර අරිනවකෝ හලෝ.... ඔයාලා නිදිද...."

අද දවසම පුදුම බිසී දවසක්..ඊයේ තිබුණ පුංචි පාටිය ඉවර වෙලා ආපු 30ක් 40ක් උණ හැමෝම රෑ මැදම ගිහිං තියෙද්දි ,ඉක්මන්ට නෙලීෂා ළඟට යන්න ඕනා නිසා කවිනුත් ඒ වැඩ ලෑස්ති කරන්න උදේම කොළඹ ගියා වෙද්දි
අක්කු අම්මයි චූටික්කියි එක්ක අපි තුන්දෙනා ඇරෙන්න ගෙදර ඉතිරි උණේ කිරි අම්මයි අප්පච්චියි කවිනුයි විතරයි....

හදිසියේ කරපු කෙටි දැනුම් දිමෙන්ම
ඊයේ කෑම හදන එකේ සම්පූර්ණ ශ්‍රම දායකත්වේ අයියාගේ යාලුවොන්ගෙන් ලැබිලා තිබුණා වෙද්දි,ඇවිත් කාලා බීලා  සැලකිලි ලබපු එක ඇරෙන්න මන් කරපු දෙයක් නැති වෙද්දි මේ කිසි දේකට සහභාගි වෙන්න බැරි උණ එක ගැන හිතේ කොණක තිබුණ බර නිදහස් වෙන්නත් එක්ක,අන්තිමේ දාන සාද මොකකට පස්සෙ උණත් සෙට් වෙන බරපතල පිරිසිදු කිරීමේ ක්‍රියාන්විතයට අයියා එපා කියලා බර බරේ දාද්දීම,පහුගිය එවටත් එක්ක කාලා බිලා තිබ්බා වගේම ඇඟ හදා ගන්න පොරොන්දු පිට අයියත් එක්ක මමත් බලෙන්ම එකතු උණා..

නොක්කාඩු කතා පැමිණිලි,විස්තර විචාර වගේම වැඩ පරික්ෂක නුවීගේ අධික්ෂණය යටතේ හතර පස්දෙනාම දැලි ගාගෙන වතුර නාගෙන තඩි හට්ටි මුට්ටි වළං එක්ක ඔට්ටු වෙලා සෝදලා අස් කරලා ඉවරවෙද්දී දවසම ගෙවිලා තිබුනා...මහන්සියටත් එක්ක කලින්ම නිදාගන්න ඇඳට ආවත් හිතේ සතුට සැනසීම,ලබපු අලුත් අත්දැකීම්,ඔක්කොටමත් වඩා තවත් වඩදෙන්න දෙයක් නැති කම නිසා දැනුණ සැහැල්ලුවත් එක්ක කියවන්න දහසකුත් දේවල් තියෙද්දි,රෑ දහයයි ගාණකුත් වෙලා තිබුණත් අපි දෙන්න උන්නේ නිදාගන්න ඇඳට ඇවිත් නින්ද යන්නෙ නැති නිසා කතාවක් දාගෙන වෙද්දි චූටික්කි දොරට ගහනවා ඇහෙද්දී ඊයෙ වගේම අපි දෙන්නාව බදාගෙන නිදන් උන්න නුවීව හෙමින් සීරුවේ උස්සලා මගෙ ඇග උඩින් තියපු අයියා දොර අරින්න ගියා..

"මොකද බං කෑ ගහන්නේ..අර දරුවා ඇහැරෙයි..."

"කතා කරාම අරින්නෙ නැතිව මඟුලක් කරාද එහෙනම්..."

අයියයි නංගියි වැඩි සද්ද නැතිව කුටු කුටු ගගා එතනත් පැටලෙද්දී මං හිනාව කා ගද්දී දෙන්නම ඇඳ ළඟට ආවා..

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 CompleteWhere stories live. Discover now