🌺 අවාරය 14 🌺

2K 356 206
                                    

මං හිටියේ බලාපොරොත්තු බිදිලා විසිරිලා යන ගමන් වෙද්දි...එයා..මං.. මුණ ගැහුණු... අපේ ඇස් එකට පැටලුණු මතකයන් වගේම...ආයි ආයිමත් හිත රිද්දපු මතකයන්.... එයා චමරියට එනකං බලන් හිටපු ඒ කාලෙ ඇතුලත ෆිල්ම් එකක් වගේ මගෙ හිතට ආවා...ඒ ඒ වෙලාවන් වල දැනුණ දුක සතුට වේදනාව ආයි ආයි මට දැනුණා...හරියට ෆිල්ම් එකක් බලලා අවසානේ ආපහු ටේලර් එක බලද්දී දැනෙන හැඟීම වගේ...සම්පූර්ණ කතාවක...හැඟීම් ගොන්නක ලගු කිරිමක් වගේ...

හැඟීම් ගොන්නක ලගු කිරිමක් වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගෙ වචන නිසා හිත රිද්දන්...සමහරවිට...එයා එයාගෙ බට්ටිව බලන්න යන්න ඇති...අන්තිමේ එයාගෙ ප්‍රමාදේට මගෙ හිත හේතුවක් දුන්නා...හැමදාම වගේ...වේදනාබර එකක්....කලබලෙන් එහා මෙහා ගිය මතක ඒ සැනින් විසිරිලා යද්දි...හිත අස්සෙ ලගු වෙලා ඉතිරි උණ දරා ගන්න බැරි හැඟීම් වලින් ඇති කරපු වේදනාව දැනුණෙම මගෙ ඇටමිදුලු වලට වෙද්දි...පුපුරන්න ඔන්න මෙන්න හිටපු මොහොතක...මගෙ ඇස් නිලංකාර කරන ගමන් මූණට වැටුණු බයික් එකේ ලයිට් එළියත් එක්ක...එක තැන කැරකිලා කැරකිලා නතර වෙද්දි...තවදුරටත් නොවැටි ඉන්න බෑ වගේ...වැටෙන තැනවත් වැටෙන විදිහවත් තිරණේ කරන්න බෑ වගේ...සිතුවිලි පහල වෙන්නත්..මොලේට පණිවිඩ යන්නත් කලින්...හදවතේ බලෙන්...එයා බයික් එකෙන් බහින ටිකට...මං එයා ළඟට ගිහිං උන්නා මදිවට....මගේ අත් අතරට එයා මැදි වෙලා උන්නා...

මං හිටියේ එයාව බදාගෙන... කොටින්ම කිවුවොත් මිරිකාගෙන...මගේ අත් එන්න එන්න තද වෙද්දි...හිත ඇතුලේ පිරිලා ඉතිරිලා තිබුනූ පීඩනේ අන්තිමේ එළියට එන්න බැරිව හිර උණා...පනින්න ආපු ඉකිය උගුර අස්සේම නැවතුණා...හරියට විලිරුදා උපරිම වෙලා උන්න අම්මෙක්ට ඒත් දරුවව බිහිකරන්න බැරිව හිර උණා වගේ...හිතේ තෙරපෙන වේදනාව එළියට දාන්න ඕනා උණත්..එයා ළඟට ආවා විතරයි මාව හිර උණා...මට හිතුණෙම මාව පුපුරයි කියලා....

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 CompleteWhere stories live. Discover now