"අයියේ..කොහෙද මේ යන්නේ..."
"තව ටිකයි..ගිහින්ම බලන්න.."
හිත ඇතුලේ ප්‍රස්න දහසක් තිබුණත්,එයා ළඟ උන්න නිසා දැනුණ සැහැල්ලුව නිසාම හුගාක් කාලෙකට පස්සෙ, හොඳ හැටි නින්ද යද්දි,පහුවදා මං ඇහැරෙද්දී දවල් වෙලා තිබුණා...ඒ වෙද්දිත් ඊලඟට කරන දේ ගැන මට කිසිම අදහසක් නොවුණත්,එයා මගෙන් නාහම ඊලඟට කරන්න ඕන දේ තිරණේ කරලා තිබුණා වෙද්දි, මං එපා කියද්දීම බෝඩිමත් බාර දීලා තිබුණ ලට්ට පට්ට ටික එකතුකර ගත්ත එයා හවස්වෙද්දී මාව බලෙන්ම වගේ කාර් එකේ නන්ඟන්,යන තැනක් නොකියාම ගම්පහින් එන්න ආවා..
ඊයේ ගෙවන් ආපු දුරම ගෙවන් කුරුණෑගලටත් එතනින් ගමට කිට්ටු ටවුන් එකටත් අපි ආවා වෙද්දි...එතනින් වැව්දිය තැන්නට යන පාරට නැතිව වෙන පැත්තකට වාහනේ හරවද්දී මං පුදුමෙන් කොහෙද යන්නෙ ඇහුවත් එයාගෙන් උත්තර නැතිවෙද්දී අන්තිමේ සෑහෙන තරමේ දුරක් ගිය එයා වෙළක් මැද්දෙ ඈතින් පේන අලුතෙන් හදපු ගෙදරකට යන පාරකට කාර් එක දාද්දී මං බලන් උන්නේ මොකුත් හිතාගන්න බැරිව..
"අයියේ මේ.."
"අපෙ ගෙදර "
"...ඇයි අපි මෙහෙ...!!"
"බහින්නකෝ තේරෙයි..."
"අනේ..අනේ මට බෑ...ඇයි මෙච්චර වාහන..!! මොකක්ද වෙන්නේ.."
ලොකුවට තිබුණ මිදුලේ තැනින් තැන නතර කරලා තිබුණ වාහන කීපයක්ම වෙද්දි ඒ අතරින් ඉඩක වාහනේ නතර කරන ගමන් මං අහපු ප්‍රස්නෙට එයා උත්තර දෙද්දී මං ආයි ආයි පුදුම උණා..ඒ ඔක්කොමත් අස්සේ තිබුණ වාහන ගොඩත්, අතරින් පතර ඉන්නවා දැකපු මිනිස්සු කීප දෙනත් මදිවට,හිටි ගමන් ඉස්සරහා දොරෙන් එබිලා බලලා ආපහු ගේ ඇතුළට දුවපු බට්ටිව එක බැල්මෙන් අඳුර ගන්න මට පුළුවන් උණ නිසාත් හිත අස්සෙ එකපාර අකුණක් ගැහුවා වගේ වෙද්දි එයා බහින්න කිව්වත්,අතපය පවා තද වෙද්දි මං සීට් එකට ඔළුව තද කරන් ඇස් පියා ගත්තා.. එයා...එයා මේ ලෑස්ති...එයා..එයාට ඕන...එයා..බට්ටිට මුද්ද දාන හැටි..මං..මේ ඇස් දෙකෙන් දකින්නද...ඒකද...ඒකද එයා මට දෙන දඬුවම...
" මං දන්නේ එක දෙයයි සදී...අදින් පස්සෙ ගෙවෙන හැම රැයක්ම... උඹ මගෙ තුරුලේ...මේ විදිහටම...ඇස් පියා ගනීවි...ඒත්..හිතේ සැනසීමෙන්..."
![](https://img.wattpad.com/cover/342588780-288-k467.jpg)
YOU ARE READING
❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 Complete
Fanfiction👪 🌷 👪 FF/ NonFF අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න ලියා යමි ගැඹුරු තැන ආදරෙයි උතුරන්න හමා යන සුළඟකින් මගේ නම විමසන්න තබා ගිය පණිවිඩෙන් ආදරෙද පවසන්න Start -2023/06/26 End -2023/10/05 👪🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 👪