🌺 අවාරය 21 🌺

1.7K 317 140
                                    

ශිෂ්‍යත්වේත් ඉවර වෙලා අන්තිමේ එයා  ටික දවසකට නිදහස් උණා.. දවස් කීපෙකට ගෙදර ගිහිං ආපු එයා නිවාඩුවේ අන්තිම දවස් කීපය අපි එක්කම ඉද්දී...අපි තුන්දෙනාම හිටියේ පුදුම තරම් සතුටකින්...නුවිගේ ඉල්ලීම අහක දාන්න බැරි තැන... එයා දවස් කීපයක්ම අපිව චමරියට එක්ක ගියා වගේම...නුවී පුදුම තරම් ඉක්මනින් සර්ගේ චමරිය එයාගෙ කරගත්තා.සර් චමරියට පදිංචියට එද්දී...පුද්ගලික වියදමින් තීන්ත ගාපු බිත්ති නුවීගේ පාට කූරු වලින් ඒ දවස් ටිකට හැඩ වෙලා තිබුණා...

"උලා කට වාගන්නකූ...අප්පත්තිට නැති පස්නනේ මෙලාට තින්නේ...එලා කමක් නෑ කීවනේ... උලා කලබාන් ඉන්න මැද්දෙන් පනින් නැතුන්..."

"මගෙ දෙයියනේ.."

නුවී උන්නේ ශලික සර්ගේ බයික් එක ඉස්සරහා බිම වාඩිවෙලා කොහෙන්දෝ උස්සන් ආපු ස්ටිකර් කාඩ් ගොඩක් ළඟ තියන් ඒවා ඔක්කොම බයික් එකේ හතර අතේ අලවන ගමන් වෙද්දි මං සැර කරද්දි පොඩි පණ්ඩිතයා මට සැර උණා වෙද්දි ඒ එක්කම එළියට ආපු එයා මගෙ දෙයියනේ කියලා කටින් අත වහන්...එයාගෙ බයික් එක අයිති කරන් උන්න බෙන් ටෙන්ලා...හෙලෝ කිටිලා...සින්ඩරෙල්ලලා...ස්නොවයිට්ලා...මාරියෝලා...වගේම ඒ අස්සෙ තැනින් තැන දිලිසුණ තරු දිහා බලන් ඉද්දී...මං එයා දිහා බලලා ප්ලාස්ටික් හිනාවක් දැම්මා...

මං එයා දිහා බලලා ප්ලාස්ටික් හිනාවක් දැම්මා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඔයා හා කිව්වලුණේ..."

"මං දුන්නේ තරු කාඩ් එකක්නේ...මේවා කොහෙන්ද... ගෙදරින් ගෙනාවද නුවී..."

එයා ඇහුවේ බයික් එක ළඟ බිම නුවී ළඟින්ම වාඩි වෙලා...අඩාගන්න බැරි කමට හිනා වෙවි බයික් එකේ තත්ව පරික්ෂාව කරන ගමන් වෙද්දි නුවී හරි ආඩම්බරෙන් හිනා වෙවි තඩිම තඩි පින්ක් පැන්තරයෙකුත් අරන් බයික් එකේ නම්බර් ප්ලේට් එකේ හරි මැදින් ගහලා පස්සට ගිහිං හැඩ බැලුවා..

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 CompleteWhere stories live. Discover now