🌺 අවාරය 32 🌺 Bonus

1.4K 279 94
                                    

"අප්පච්චි...!!"

චටාස්.....!!

"සදී...!!"

එයා දවල් ඉස්කෝලෙ ගිහිං ආවට පස්සෙ ටවුන් එක පැත්තෙ ගිහිං
අපි දෙන්න ගෙදර එද්දී හවස්වෙලා තිබුනා වෙද්දි බයික් එක ගේට් එකෙන් ඇතුළට දානකොටම මිදුලේ තිබුණ වාහනේ දැකපු මං බයික් එකෙන් බැස්සේ අදහාගන්න බැරිව වෙද්දි දොර කටේ එහෙටත් මෙහෙටත් ඇවිද ඇවිද උන්න අප්පච්චි දැක්කම ඇත්තටම හිතට ඇති උණේ සතුටක් වෙද්දි...මට ඕනා උණේම ගිහිං තුරුල් වෙන්න...ඉස්සර පුංචි කාලෙ වගේ...ඒත් සිද්ද උණේ බලාපොරොත්තු නොවුණ දෙයක් වෙද්දි...තුරුළු කරගන්න ගිය මට හම්බ උණේ හොඳ කම්මුල් පාරක් වෙද්දි පාරෙ සැරටම මං අඩි දෙක තුනක් ඈතට විසි වෙද්දි වැටෙන්න ගිය මාව එයාගෙ අත් අතරේ හිර උණා...

"අ.. අ..ප්පච්..."

"අප්පිච්චි..!! අප්පච්චි..!! උඹට අප්පච්චිලා නෑ යකෝ...පපා කියපන් පපා..!!"

"ප්...ප.. පා..පපා මෙහෙ.."

ඒ එක්කම අප්පච්චි පළාත දෙදරන්න කෑ ගහන ගමන්,මාව අල්ලන් උන්න එයාට පිච්චිලා යන්න තරමේ බැල්මක් දෙද්දී..මං ඉක්මනින් එයාගෙන් ඈත් උණා...

"උඹ ලැජ්ජා නැතිව අහනවාද ආවේ මොකද කියලා ආ...!! ලැජ්ජා නැතිව අහනවාද....කොන්ද පණ නැති වැඩ කරලා පොන්#ක් වගේ පැනලා ඇවිත් ෆොන් එකත් ඕෆ්ෆ් කරන් උන්නම තෝ හිතන්නේ ඔක්කොම හරි කියලද මිනිහෝ...!!"

"අප්පච්චි එයාව අත අරින්න.."

ඒ එක්කම අප්පච්චි කෑ ගැහුවේ මගෙ කොලර් එකෙන් අල්ලලා හොල්ලන ගමන් වෙද්දි මගෙ ඇස් නැවතුණේ ගේ දිහා..කිරි අම්මයි නුවීයි කෝ...කිරි අම්මාටත් කෑ ගහලාවත්ද..මං උන්නේ මොකුත් හිතා ගන්න බැරිව බයවෙලා වෙද්දි එයා මාව අප්පචිගෙන් මුදවා ගන්න හදද්දී මං දැක්කා අප්පච්චිගෙ ඇස් ගැස්සුණා ඒත් අනිත් අතට තව ටිකක් කේන්ති ගිය අප්පච්චි මාව එයාගෙ ඇඟටම තල්ලු කරා...

"උඹ.!උඹ මොකාද යකෝ...උඹ මොකාද මට අප්පච්චි කියන්න ආ...!! උඹට කවුරු දීපු අයිතියක්ද...!!"

.......

"පලයං...පලයං මෙතනින්...පිට එවුන් ඉන්න ඕනා නෑ මෙතන...මූත් එක්ක මට විසඳගන්න දෙයක් තියෙනවා..!!"

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 CompleteWhere stories live. Discover now