🌺 අවාරය 37 🌺

1.4K 291 107
                                    

මන් බලන් උන්නේ සිවිලිම දිහා...නිකංම සුදුපාට සිවිලිම...ඒ සුදුපාටට ඇස් නිලංකාර වෙද්දි..මොකක්දෝ මතකයක් මට මතක් උණා...මෙහෙමම උඩ බලන් උන්න දවසක්..මං තද කරලා ඇස් පියන් ඉඳලා ආයි ඇස් ඇරියා...

"අම්මා...!!!"

අප්පච්චිගේ ආසම ටයි එකෙන්...මට උඩින් එල්ලිලා උන්නේ අම්මා...මන් බලන් උන්නා...ගල්වෙලා බලන් උන්නේ මගෙ ඔලුවට උඩින් එහාට මෙහාට පැද්දෙන අම්මා දිහා...

"අප්පච්චි....!!!"

සිහියට එද්දී මං කෑ ගැහුවා...ඒත් අප්පච්චි නෑ..ඇහෙන මානෙක එන්න කෙනෙකුත් නෑ...කලින් දවසේ හවස අම්මා එක්ක රණ්ඩුවෙලා ගිය අප්පච්චි තාම ඇවිත් නෑ..පුංචි කමට මං නැගිටලා ඇද උඩ දණගහගෙන අම්මගෙ සීතල වේගෙන එන කකුල් පුළුවන් තරම් උඩට උස්සන් බදාගෙන පැය ගාණක් උන්නා...අම්මට තව රිදවෙයි කියලා බයේ...

"අප්පච්චි අම්මා.."

අම්මගේ කකුල් මාවත් හිරි වැටෙන තරම් සීතල වෙලා තියෙද්දි..තවත් අම්මාව වාරු කරන් ඉන්න බැරි තරම් පුංචි අත් වලට දැනුණ බර වැඩි වෙද්දි කල්පයක් වගේ ගෙවුණ කාලෙකට පස්සෙ අන්තිමේ අප්පච්චි කාමරේ දොරෙන් මතු උනා....පුදුම සැනසීමක් දැණෙද්දී මං මිමිනුවේ එච්චරයි...මට මතක මගෙ ඇස් බොඳ වෙනවා විතරයි...ආයි ඇස් අරිද්දී අන්තිමට ඒ මූණ බලන්නවත් නැතිව අම්මා පස් වලට යට කරලා තිබුණා...
.
.
.

මගෙ වාසනාවට හෝ අවාසනාවට..අද වෙනකං...මට ඒ සිද්ධිය අමතක වෙලා තිබුණා...අප්පච්චි හරි...මං හරි දුර්වලයි..අවධියෙන් ඉන්නම ඕනා වෙලාවේ...හැමදාමත් මං නිදාගත්තා...එදා ඇස් පියන් අ ඇහැරෙද්දි...අන්තිම වතාවට ඒ මූන හිතේ ඇඳ ගන්න තිබුණ අවස්ථාවත් නැති කරලා මගේ අම්මා පස්වලට යටකරලා තියෙද්දි...මේ වතාවේ ඇස් අරිද්දී මගේ නුවී මාව දාලා මුහුදු හතක් එහාට යන්න ගිහිං...

ඉස්සර වැරැද්දක් උණත් වැරැද්ද හදන්න බැරි උණත්..අප්පච්චි මගෙ හිත හැදුවා...අදත් එක ටිකකට ඉස්සර අප්පච්චි මන් ළඟ උන්නා...ඒත් ජම්මෙට වඩා පුරුද්ද ලොකු වෙද්දි...එයාට වැඩි වෙලා...ඒ විදිහට ඉන්න බැරි උණා වෙද්දි අන්තිමට අප්පච්චි මාව තනියම දාලා ගියේ හිත රිද්දගෙන..

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 CompleteDove le storie prendono vita. Scoprilo ora