💕Episode 02💕

2.1K 311 18
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 01
ғɪʀsᴛ ᴍᴇᴇᴛɪɴɢ
ᴘᴀʀᴛ 2

වේලාව : මධ්‍යම රාත්‍රිය
ස්ථානය : අඳුරු මාවත

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

එදා රෑ මම හිටියේ ගොඩක් දුකින් වගේම තරහින් මොකද කිව්වොත් මගේ බාප්පා හින්දා. එයා මට එකපාරටම ගහන්න ගත්ත නිසා, මං එයාගෙන් බේරිලා කොහොමහරි ගෙදරින් එලියට පැන ගත්තා. ඊට පස්සේ මං පාර දිගේ ඔහේ ඇවිදින්න ගත්තා. ටික වෙලාවකින් එ ඇවිදිල්ල දිවිල්ලක් තරම් වේගවත් උනා. මං හිතන්නේ එ මම ගොඩක් දුකින් වගේම තරහින් හිටපු නිසා.

එකපාරටම මම බීපු මනුස්සයෙක් ගෙ ඇඟේ හැප්පුණා.

දෙයියනේ!!! ඒ මනුස්සයා හදන්නේ මාව මරන්න.

ඒකත් කමක් නැ...

බාප්පාගේ අතින් මැරෙනවට වඩා හොඳයි දන්නේ නැති මනුස්සයෙක් ගේ අතින් මැරෙන එක.

හ්ම්ම්ම්.... ඔව්, මම මැරෙන්න කැමතියි.

අනේ සර් ප්ලීස් පුළුවන් නම් මාව මරලා දාන්න.

තිබුණ දුකටත් එක්ක, මාව මරල දාන්න හදන බීපු මනුස්සයට මට එහෙම කියන්න හිතුනා.

*✲゚*。✧*✲゚*

(අද කතාව)

අම්මෝ!

මෙන්න මේ මනුස්සයා ඇත්තටම මට ගහන්න ද කොහෙද යන්නේ!

මං මගේ අත් දෙක උස්සලා මාව කවර් කර ගත්තා. මොනා උනත් ගහන්න හදද්දි කොහොමද කෙලින් බලාගෙන ඉන්නේ?

ඒ නිසා මං මගේ අැස් දෙකත් ගොඩාක් තද කරලා වහගත්තා.

අන්තිමේ මම පාළු පාරක ගුටිකාලා මැරෙන්න යි හදන්නේ...

අම්මෝ කමක් නැ කොහොමත් මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. මෙහෙම ඉන්නවට වඩා මැරෙනවා හොඳයි.

ඔන්න දැන් ඒ පාර වැදෙයි.!

මගේ මරණීය පහර!

හහ්!

කෝ ඒක?

අැයි නැවතුනේ?

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now