💕Episode 16💕

869 152 13
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 04
sʜᴏᴘᴘɪɴɢ ᴛɪᴍᴇ?
ᴘᴀʀᴛ 01

වේලාව : ෂොපින් ටයිම්?
ස්ථානය : මාර්කට් එක

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

මම Jungkook ව එදා Yoongi ව හම්බෙන්න ආව දවසට පස්සේ ඉඳන් දැක්කේ ම නැහැ. අනික Yoongi ත‍් ගොඩක් සද්ද නැතුව ඉන්න කෙනෙක් නේ. ඉතින් එයත් Jungkook ගැන මොකුත් ම මාත් එක්ක කිව්වේ නැහැ. හැබැයි ඉතින් සමහර වෙලාවට Jungkook ගැන යි මන් ගැන යි විකාර නම් කියවනවා. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට ඒවත් නවතිනවා කස්ටමර් ලා එන නිසා.

*✲゚*。✧*✲゚*

(අද කතාව)

ඒ තමයි මගේ නිවාඩු දවස ගොඩ කාලෙකට පස්සෙ. කාළගුණෙත් ගොඩක් හොඳ හින්දා මම පොඩ්ඩක් ඇවිදින්න කියලා එලියට ආවා. අනික ගෙදරින් එලියට වෙලා ඉන්න තියෙනව කියන්නෙ කොච්චර දෙයක් ද? පුදුම ගතියක් දැනුනේ.

මොකක්ද එ ඇහෙන සද්දෙ? ආහ්.. හරි මන් මේ මාර්කට් එක පැත්ත නේ. හ්ම්ම්... කෑම සුවඳ නිකන් නහය විදගෙන යනවා වගේ දැනුනේ. හ්ම්ම්ම්.... මම නිදහසේ ඔක්කොම කෑම සුවඳ වින්දා.

"හලෝ Yerin-ah, ඔයා මොකද මෙහේ කරන්නේ?" කවුරුහරි මගේ උරහිසට තට්ටු කරල ඇහුව. ඒ කටහඩ ආවේ මගේ පිටිපස්සෙන්. මම එ පැත්තට හැරුණ.

"ඔයා!?" වාව්! මම පුදුම උනා.

"ඔව් මම තමයි. ඔයා ගෙදරට බඩු ගන්නද ආවේ?" එයා මගෙන් ඇහුවා. මොකක්? ආහ් ඔව් එයා හිතනවා ඇති මම ගෙදරට බඩු ගන්න ආවා කියලා මොකද මම හිටගෙන හිටියේ හරියට ම මාර්කට් එකට ඇතුලු වෙන තැන නේ.

"ආ! නැහැ Jungkook, මම මේ නිකං ඇවිදින්න ආවා. මම කවදාවත් හිතුවෙ නැහැ මට ඔයාව මෙතැනදී මුණ ගැහෙයි කියලා" මම ඇත්තම කිව්වා.

Jungkook හිනා උනා විතරයි.

"ඒයි පොඩ්ඩක් ඉන්න! ඔයා කොහොමද මගේ නම දන්නේ? මට ඒක ඇහුන විදිහ හරි නේද? ඔයා මට කතා කලේ මගේ නමින් නේ. නේ?" මට එ වෙලාවෙ තමයි මතක් උනේ Jungkook මට කතා කලේ මගේ නම කියලා කියලා.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now