💕Episode 05💕

1.4K 235 5
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 01
ғɪʀsᴛ ᴍᴇᴇᴛɪɴɢ
ᴘᴀʀᴛ 04 (ɪɪ)

වේලාව : මධ්‍යම රාත්‍රිය
ස්ථානය : ෆාමසිය (Kim Seokjin වැඩ කරන තැන)

ᴋɪᴍ sᴇᴏᴋᴊɪɴ's ᴠɪᴇᴡ

අද නම් මාර අමාරු දවසක්. අදම මට රෑ වැඩ කරන්න උනානේ.. ආ... හ් මගේ උරහිස්... මාර විදියට නේ රිදෙන්නේ.

මම මගේ උරහිස් වලට ගහ ගත්තේ තිබ්බ අමාරුවටත් එක්ක.

ම්ම් මගේ ෆෝන් එක රින්ග් වෙනවද? මගේ ෆෝන් එක කොහෙද? අයියෝ මාර වැඩේ නේ. මං හිතන්නේ ෆෝන් එක අරගෙන එන්න ආපහු මට අමතක වෙලා වගේ.

අයියෝ අදම මට අමතක උනානේ...!

අද නේද Jimin එනවා කිව්වෙත්? අයියෝ Jimin-ah මට කෝල් කළාද දන්නැහැ.

එයා ගෙදර එන්නේ ගොඩ කාලෙකට පස්සෙ.

ආහ්! අයියෝ දැන්නේ මතක් උනේ. අයියෝ අද නම් මට ඔක්කොම අමතකයි. මගේ යතුර දොර ළඟ හංගලා එන්නත් අමතක උනානේ.

චික්, අඩු තරමේ Yoongi ට වත් යතුර දෙන්න මතක තිබ්බෙ නැ නේ.

දැන් මොකද කරන්නේ?

ආ.. Yoongi ට කෝල් එකක් අරන් කියන්න ඕන අද ට Jimin ව එයාගෙ කාමරේට ගන්න කියලා.

ඒත් මොකක් ද Yoongi ගෙ නම්බරේ? මට ෆෝන් එක නැතුව නම්බරයක්වත් මතක නැනේ.

කොහොම හරි මතක් කර ගන්න ට්‍රයි කරන්න ඕනේ.

මම ෆාමසියෙ ෆෝන් එක ගාවට ගියා. ඔන්න ඔහේ මතක් වෙන නම්බරයක් ගහනවා.

"5....3.....2..." මන් කොහොම හරි Yoongi ගෙ නම්බර් එක ගහ ගත්තා.

ආ! හරි රින්ග් වෙනවා.

"හෙලෝ Yoongi" මට නම්බර් එක ෂුවර් ම හින්දා ම මං ඔහේ කතා කළා.

"මොකක්?" ආහ්! ඒ ගෑනු ළමයෙක්! Yoongi ට girlfriend කෙනෙකුත් ඉන්නවද? මං දැනන් හිටියේ නෑ නේ. මේක නම් මාර සප්‍රයිස් එකක්.

"මේකයි මට Yoongi ට කතා කරන්න ඕන. ඔයාට පුළුවන්ද Yoongi ට ෆෝන් එක පාස් කරන්න?" මන් ඇහුවා.

"සොරි මං හිතන්නේ ඔයා වැරදි නම්බර් එකක් ඩයල් කරලා." ෆෝන් එක කට් උනා.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now