💕Episode 06💕

1.3K 220 8
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 01
ғɪʀsᴛ ᴍᴇᴇᴛɪɴɢ
ᴘᴀʀᴛ 04 (ɪɪɪ)

වේලාව : මධ්‍යම රාත්‍රිය
ස්ථානය : ෆාමසිය (Kim Seokjin වැඩ කරන තැන)

ᴊᴇᴏɴ ᴊᴜɴɢᴋᴏᴏᴋ ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

එදා රෑ එයා මාව අත ඇරලා දැම්මා. මම දුකින් පාරේ ඇවිදිද් දී බීපු මනුස්සයෙක් එක්ක ප්‍රශ්නයක් දාගත්ත ගෑනු ළමයෙක් හම්බ උනා. මට එයාට උදවු කරන්න හිතුනා. ඉතින් මන් එයාට උදවු කළා. එයාගෙ කකුලට මොකක්ද උනා. පේන විදියට නම් කැඩිලා.

මන් එයාව උස්ස ගත්තා.

ඉක්මනටම මෙයාව හොස්පිට්ල් එකකට එක්කගෙන යන්න ඕන.

අඩුතරමේ ෆාමසිය කට වත්.

ආ...!

ඔව්මයි.. Jin hyung වැඩ කරන ෆාමසිය ෂුවර් එකටම තියෙන්න ඕන එහා පාරේ.

අයියෝ මේ කෙල්ලට මොනා වෙලාද මෙච්චර දඟලන්නේ? මේ විදියට මෙයාව උස්සගෙන ඉන්න එක නම් මාරම අමාරුයි.

ඒ උනාට ඉතිං මොනා කරන්නද?

මෙයාට බෙහෙත් ගන්න පුළුවන් තැනකට මෙයාව කොහොමහරි එක්ක ගෙන යන්න ඕන.

*✲゚*。✧*✲゚*

(අද කතාව)

කොහොමහරි මන් Jin hyung ගෙ ෆාමසිය හොයා ගන්න ඕන.

Seokjin hyung කියන්නේ මගේ පුංචි කාලේ ඉඳන්ම යාලුවෙක්. එයාට පුළුවන් අපිට උදවු කරන්න. හරි! මේ පාරෙන් ගියාම තමයි... හරි අර තියෙන්නේ!

මේ කෙල්ල ඉවරයක් නැතුව දඟලනවා. කොහොමහරි අන්තිමේදී මම ෆාමසිය ඉස්සරහට ගියා.

මන් එයාගෙ මූණ දිහා බැලුවා. මට එයාට කියන්න ඕන උනා ~අඩු තරමේ දැන්වත් කට වහගෙන ඉන්න පුළුවන්ද?~

හ්ම්ම්ම් ඇති යාන්තම් වහා ගත්තා. එයාට දැන්වත් තේරුණා ද කොහෙද! දැන් නම් කිසි සද්දයක් නැහැ.

මම ෆාමසිය ඇතුලට ගියා.

Seokjin hyung ෆාමසිය ඇතුලේ හිටියා. හැබැයි එයා නිකන් tteokbokki හිරවෙලා වගේ තමයි බලන් හිටියේ.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now