💕Episode 23💕

817 142 6
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 06
sʜᴇ!
ᴘᴀʀᴛ 02

වේලාව : දැන් නම් කරුවල වැටීගෙන එනවා
ස්ථානය : Hotel "Oh"

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

එයාව අද දැක්කට පස්සෙ මට නිකන් පිස්සු වගේ. වෙලාවකට මට හිතෙනවා මම එයාගෙ පෙනුමට වශී වෙලාද කියලා?

අනේ මන්දා. මට මේ කිසි දෙයක් හිතා ගන්න බැහැ.

කොහොමහරි අන්තිමේ අපි අර යන්න ඕනේ කරපු හෝටලේට ආවා. එන අතරතුර Yoongi අවුරුදු ගානක කතන්දර ගොඩක් කිව්වා. ඒ හැම කතාවක් ම මට හරිම රසවත් උනේ මම ඒ වගේ යාළුකමක් ඊට කලින් දැකල නැති නිසා.

*✲゚*。✧*✲゚*

(අද කතාව)

අපි හැමෝම හෝටලය ඇතුලට ගියා. ඒ හෝටලය එහෙම ලේසියෙන් සාමන්‍ය අයට ඇතුලට යන්න පුළුවන් එකක් නෙවෙයි. හොඳ වෙලාවට Namjoon oppa අපි එනකම් හිටියේ අපිව ඇතුලට අරන් යන්න.

මට බය ත‍් හිතුනා. මොකද ඒක මන් හිතුවට වඩා ගොඩක් ලොකු වැඩක් වගේ. මගේ තිබ්බ ඔක්කොම ධෛර්ය යන්න ගියා වගේ.

"ඔයා හොඳින් ද?" ඇතුලට යන අතර මගේ අතකින් අල්ල ගත්ත කවුරු හරි ඇහුවා. මම ලේසියට ඔලුව වැනුවා.

ඒ හෝටලය හරිම ලස්සනයි. මම උඩ බැලුවා. ඒ වගේ පොකුරු පහනක් මන් කවදාවත් දැකල තිබ්බේ නැහැ. දියමන්ති වගේ දිලිසෙනවා. මට නම් නිකන් දිව්‍යලෝකෙ ඇතුලට අඩිය තිබ්බ වගේ දැනුනේ. සතුට වැඩිකමට මම තව ඩිංගෙන් බිම වැටෙනවා. එක පාරටම කෙනෙක් මාව අල්ලගත්ත. "Yaa! පරිස්සමෙන්. මන් අල්ල ගත්තෙ නැත්නම් බිම. තාමත් ඔයා ට සනීප නැහැ වගේ ද?" මම සතුටින් මත් වෙලා වගේ හිටියේ... "තැන්ක්ස් හොඳ ද මාව මෙහෙට එක්ක ගෙන ආවට. මම මේ වගේ තැනක් කවදාවත් දැකල තිබ්බේ නැහැ. මට නිකන් පිස්සු වගේ. මෙතන ගොඩක් ලොකුයි නේ" මම හරිම සතුටින් හිටියේ.

"Yaa! මන් දන්නවා මෙතන ලොකුයි කියල. ඔයා තනියම එහෙ මෙහෙ යන්න ගියොත් මෙතන අතරමං වෙයි. අපි හරි තැනට යනකන් මගේ අත අල්ල ගෙන ඉන්න හොදේ" මට දැනුනේ නිකන් මගේ තාත්තා ඇවිත් මාව බලාගන්නවා වගේ. මම හොටෙලේ තිබ්බ ලස්සන බල බලා ම ගියා.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now