💕sᴘᴇᴄɪᴀʟ: 04💕

780 100 33
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ʟᵒᵛᵉ ʙᵘˡˡᵉᵗ!

හායි ලමයි.. ඔන්න මම මේ කියන්න යන්නේ ගිය සතියේ මට දැනගන්න ලැබුන දෙයක් ගැන තමයි අද කතාව. මේක මේ සති දෙකකට කලින් උන දෙයක්... මම කතාව විදිහටම ලියන්නම් එතකොට ඔයාලාට තේරුම්ගන්න පුලුවන් නේ.

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

අද!

මගේ ජීවිතේ අමතක නොවෙන දවසක්..!

අද වගේ දවසක තමයි මට මගේ තාත්තාව නැති වුනේ.. ඒ පාලු පාරේ තනියම අඬ අඬා මම තාත්තව හොයා හොයා ඇවිද්දේ අන්තිමේ.. අන්තිමේ ඒ ලේ විල මැද අමු අමුවේ මරලා දාලා තිබ්බ මගේ තාත්තා දිහා බලාගෙන ඉද්දීම සිහිය නැතිවුනේ..

"ඔයා හොදින් ද?" මාව වැළඳ ගත්ත ජොන්ග්කුක් මගෙන් ඇහුවේ හරිම ආදරෙන්..

"හ්ම්ම්.. ඕ.." මමත් එයාව වැළඳගන්න ගමන්ම කිව්වා.. අපි ඇවිල්ලා හිටියේ මගේ තාත්තාගේ මතකාවර්ජන දිනය සමරන්න.. තාත්තාගේ සොහොනට යන්න කනත්තේ ගේට්ටුව ලග ඉදන් මම කල්පනා කලේ.. එයා ගැන.. හිතට දැනුනේ පුදුමාකාර බරක්.. එයා වෙනුවෙන් හරියට සාධාරණයක් ඉෂ්ට කරන්නත් බැරිවුනා වගේ මට දැනෙන්නේ..

"එන්න යං..." මගේ ඔලුව අත ගාලා ඔප්පා කිව්වා.. අන්තිමේ අපි හැමෝම කනත්ත ඇතුලට ගියා.. තාත්තාගේ සොහොන ලගට ගියපු අපි හැමෝම අපේ අත්වල තිබ්බ කපුරු මල් එයා වෙනුවෙන් තිබ්බා.

මගේ ඇස්වලට ඉබේම කදුලු ආවේ හිතට දැනුනු පුදුමාකාර හැගීම් ගොන්න නිසා.

"අඬන්න එපා... එයා හැමදාම අපි එක්ක ඉන්නවා.." මගේ උරහිස වටේ අත්දාලා මාව තුරුලු කරගත්ත ඔප්පා කිව්වේ මගේ නළලටත් හාදුවක් දීලා.

"එයා.. ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ දුවෙක් ලබන්න.." යුන්ගි කියද්දී අනික් අයත් ඔලුව වැනුවා..

"ඔප්පා.. මා එක්කම තාත්තාව මරපු ඒ මනුස්සයාට දඩුවම් දෙන්න එකතු වුනාට තෑන්ක්ස්.. මට හිතාගන්න බෑ මම ඔයාට මොනා කියන්න ද කියලා.. ඒ වගේම ඔයාලා හැමෝටම තෑන්ක්ස්.. ඒක.. මට කියන්නම ඕනේ දෙයක්..." මම ඉකි ගගහා ඇඩුවේ හැමෝටම ස්තූතියි කියන ගමන්..

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now