💕Episode 18💕

739 144 3
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 04
sʜᴏᴘᴘɪɴɢ ᴛɪᴍᴇ?
ᴘᴀʀᴛ 03

වේලාව : ෂොපින් ටයිම්
ස්ථානය : අයිස්ක්‍රීම් ෂොප් එක

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

ඒ නිවාඩු දවස නම් හරිම ෂෝක්. මොකද මට එදා එයාව හම්බුන හින්දා. ඔව් මට එයාව ආපහු හම්බුනා නේ. මම ඒක ෂෝක් කියලා කිව්වද? නෑ..... ඒක ෂෝක් නැහැ...... මම කැමති නැහැ එයා ව අද හම්බුනා ට.... නැහැ.... එයා ව මුණ ගැහුන එක කමක් නැහැ. හැබැයි... ඒක ෂෝක් නැහැ. අ......

මට මොකද මේ වෙලා තියෙන්නේ? මම මොකද මේ හැමවෙලේම එයා ගැන හිතන්නේ?

මම කෙලින්ම අයිස්ක්‍රීම් තියෙන තැනට ගියා.

"මොනාද ඔයා ට ඕනේ?" මම එයාගෙන් ඇහුවා. "හහ්?" හා හා... එයාගෙ මූණ ට අමුතු පුදුමයක් ආවා.

මොකද?

මම ඇහුවේ එයා ට ඕනේ රස මොකක්ද කියලා!

ඒක නරක ප්‍රශ්නයක් ද?

*✲゚*。✧*✲゚*

(අද කතාව)

එයා උත්තරයක් දුන්නෙ නැහැ. හහ්ඃ! මම ඉතින් ඔහේ එයා දිහාම බලන් හිටියා. "මම ඔයාටත් එක්ක එකක් ගන්නද?" අන්තිමේ මම ඇහුවා. මොකද ඉතින් එයා කිසිම උත්තරයක් දුන්නේ නැහැනේ.

අන්තිමේ එයා ඔලුව වනලා හා කිව්වා.

"ප්ලීස් මට චොකලට් අයිස්ක්‍රීම් දෙකක් දෙන්න" මම කවුන්ටරය ළඟට ගිහින් ඉල්ලුවා. මම ආස රස ම මම එයාටත් ගත්තා. කවුද ඉතිං චොකලට් අයිස්ක්‍රීම් වලට කැමති නැත්තේ?

මම අයිස්ක්‍රීම් අරගත්තා.

අපි ෂොප් එකෙන් එලියට ආවා. එළියේ වාඩිවෙන්න තියලා තිබ්බ බංකු වල අපි වාඩිවුණා. Jungkook එයා අතේ තිබ්බ ෂොපින් බෑග් අපි දෙන්නා මැද්දෙන් තිබ්බ. මම එයාගෙ අයිස්ක්‍රීම් එක එයාට දුන්න. "තැන්ක්ස්" කිසිම කතාවක් නැතුව අපි අයිස්ක්‍රීම් එක කවර් කරලා තිබ්බ කොලේ ගලවන්න ගත්තා.

අහ්! අහන්න අමතක උනානේ. එයා ඒ flavour එකට කැමතිද දන්නැහැ. "ඔයා චොක්ලට් අයිස්ක්‍රීම් කනව නේද?" මම ඇහුවා. හැබැයි ඒක අහන්නත් ඕනේ දෙයක් නෙවෙයි වගේ. මම ඒක අහන කොට එයා පුදුම උනා. මොකද ඒ වෙනකොටත් එයා අයිස්ක්‍රීම් එක කටේ ඔබා ගෙන හිටියේ. අැස් දෙකත් ලොකු කරගෙන මන් දිහා එයා බලන් හිටියේ හාවෙක් වගේ.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now