💕Episode 10💕

984 176 10
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 02
ᴍʀ. ʏᴏᴏɴɢɪ ᴍʏ ᴀssɪsᴛᴀɴᴛ
ᴘᴀʀᴛ 04

වේලාව : උදේ
ස්ථානය : convenience store (Kim Yerin's සහ Min Yoongi වැඩ කරන තැන)

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

මම ෂොප් එකේ head උන දවසේ වැඩට ආපු Min Yoongi ට මම පොඩි බ්රේක් එකක් දුන්නම එයා කළේ නිදා ගන්න එක. මම එයාව ඇහැරවලා ආපහු ඉස්සරහට එද්දි මෙන්න අර ජරා මනුස්සයා කඩේට ඇවිත්. එයා කොහොමද ආවේ?

කොහොම හරි Yoongi එයා ගැන බලා ගත්තා.

"ඔයා ට හොඳින් කියලා යන්න බෑ වගේ නේද? කැමතිද පොලිස් කාර් එකෙන්ම යන්න? එහෙම හොඳයි ද?" Yoongi හරිම සාමකාමී ව හැබැයි තියුණු විදිහට කිව්වා.

මට Yoongi ගෙ මූණ තිබ්බේ කොහොමද පෙනුනේ නැහැ මොකද එයා මගේ ඉස්සරහ හිටපු නිසා. එයා මාව බාප්පා ගෙ බැල්මෙන් ඈත් කරල තියන්න තමයි මගේ ඉස්සරහින් හිට ගත්තෙ.

Yoongi මන් හිතුවට වඩා හොඳ කෙනෙක් නේ.

ඔව් සමහර වෙලාවට සමහර මිනිස්සු අපි හිතනවට වඩා හොඳයි.

*✲゚*。✧*✲゚*

(අද කතාව)

බාප්පා ගෙ මූණේ තිබ්බ හැඟිම් වලින් දෙයක් හොඳටම පැහැදිලි උනා.

ඔව්! එයා හොඳටම බය වෙලා.

හොඳ වැඩේ.

මෙන්න එයා මගේ අත ඇරිය. හැබැයි මන් දිහා බැලුවේ නම් හොඳ විදිහකට නෙවෙයි.

ආ හ් අද නම් මම ඉවරයි වගේ. හොඳට පරිස්සම් වෙන්න ඕනේ.

කොහොමහරි අන්තිමේ මොකුත් ම නොකියපු බාප්පා Yoongi ට රවලා එයාගෙ අතත් ගසලා දැම්මා. Yoongi දිහා එයා බලපු විදිය නම් එච්චර හොඳ නැහැ.

මන් Yoongi දිහා බැලුවා. එයා හරිම සැහැල්ලුවෙන් බාප්පා ව තඹ සතේකට ගනන් ගන්නෙ නැති බැල්මක් දැම්මා. ඒකට නම් මම කැමැතියි. මොකද කොහොමහරි අන්තිමේ කෙනෙක් බාප්පාව බය කලානේ.

බාප්පා අන්තිමේ ෂොප් එකෙන් යන්න ගියා. එයා යන විදිය බලන් ඉද්දි මට නම් ලොකු සතුටකුත් ආවා. කොහොමහරි එයා පැරදුනා නේ.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now