💕Episode 34💕

860 130 14
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 08
ᴅᴏɴ'ᴛ ʟᴇᴀᴠᴇ ᴍᴇ!
ᴘᴀʀᴛ 04

වේලාව : රෑ
ස්ථානය : පාර

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

අන්තිමේ Jungkook මට කැමැතියි කිව්වා...

ඒක නම් හීනයක් වගේ...

හැමදේම හරිම සතුටින් තිබ්බේ...

ඒත් මට Oppa ත‍් එක්ක සීරියස් කතාවක් දාන්න ඕනේ උනාට පස්සෙ හැමදේම ඉවර උනා..

අැයි Oppa මෙච්චර තාත්තා ට වෛර කරන්නේ කියලා මම දන්නවා...ඒ එයා ව තාත්තා දාලා ගියපු නිසා...

ඒත් ඒ හැමදේම දැන් ඉවරයි නේ....

එයා දැන් මැරිල...

ආපහු කවදාවත් ම එන්නේ නැහැ අපි ළඟට...

එයා ට වෛර කරලා වැඩක් නැහැ දැන්...

අැයි එක තේරෙන්නේ නැත්තේ මේ Oppa ට?

*✲゚*。✧*✲゚*

(අද කතාව)

මගේ අැස් වලින් එක දිගටම කදුළු කඩන් වැටුණා...

මේ කළුවරේ සීතලේ.... මම තනියම පාර දිගේ ඇවිදගෙන ගියා.

මම අත් දෙකෙන් මගේ උරහිස් අල්ලගෙන වකුටු වෙලා වගේ ඇවිද්දේ.... පුදුම සීතලක් තිබ්බේ... ඒ අස්සේ මේ ගවුමේ අත් කොටයි නේ.... එපා වෙනවා.... මෙහෙම අත් කොට ඒවා අඳින්න මම කැමති නැහැ. Oppa දුන්න පලවෙනි ඩ්‍රෙස් එක නිසා තමයි මොකුත් නොකියා ඇන්දේ...

අම්මෝ සීතල.... මේ හුළඟ නවතින්නේ නැද්ද?

මොනා උනත් මට Oppa එක්ක මෙච්චර තරහ ගන්නේ නැතුව ඉන්න තිබ්බ....

ඒ උනත්.... ඒ... උනත්.... එයා.... එයා.... ට බැරිද මන් වෙනුවෙන් වත්.... තාත්තා ව මරපු කෙනා හොයාගන්න උදවු කරන්න?

මට ඉකි ගැහුනා...

මම පාර මැද නැවතුනේ ඉබේටම යි..

මට තවත් ඇවිදින්න බැහැ වගේ..... මට දැනුනේ.... මට දැනුනේ... එදා තාත්තා.... තා....ත්....තා.... නැති වෙද්දී දැනුනු හැඟිම්.... මයි....

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now