💕Episode 21💕

883 149 12
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 05
ᴊɪɴ ɪs sɪᴄᴋ

වේලාව : හවස
ස්ථානය : Jin/Jimin/Jungkook ගෙ කාමරය

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

"කොහොමද ඔයා සනීප නැති උනේ? අනික මෙච්චර අමාරු වෙන්න තරම්?" Jin oppa ගෙ ගෙදර ගිය ගමන් ම මම කලේ අර අයිස්ක්‍රීම් ජරාව හෝද ගත්ත එක. ඊටපස්සේ තමයි ඉතින් Jin oppa එක්ක කතා කළෙත්.

Jin oppa මම කියපු එකට පොදු හිනාවක් දැම්ම. "මේක මේ එච්චර දෙයක් නෙවෙයි Yerin-ah. මන් හිතන්නේ Jungkook-ah ඔයා ට වැඩිපුර ත‍් එක්ක දේවල් කියලා වගේ" Jin oppa හරිම දුර්වල කටහඬකින් තමයි කිව්වේ.

මම මගේ අතක් Jin oppa ගෙ නළල ට තියලා බැලුවා. වෙන්න බැ! මෙන්න මෙයාට උණ වගේ.

"Jungkook මොකුත් වැරදියට කියලා නැහැ. පේන විදියට ඔයා ට උණත් තියෙනව වගේ oppa.. ටිකක් රෙස්ට් කරන්න... අපි ඔයා ට porridge ගෙනාවා. ඉන්නකෝ මම ඒක හදල ගන්න" Jin oppa ට දෙන්න ඕනේ ඔක්කොම ඕඩර් ටික දීලා මම Jungkook දිහාට හැරුණ.

"මේ, කොහෙද කුස්සිය තියෙන්න?" එයා එකපාරටම නිකන් බය උනා වගේ හැසිරුණේ.

"අන්න අර පැත්තේ!" එයා පොඩි ලමයෙක් ටීචර් කෙනෙක්ට උත්තර දෙනව වගේ ඇඟිල්ලක් දික් කරලා මට කුස්සිය පෙන්නුවා.

මම එ පැත්තට ගියා. වාව්! නියම කුස්සියක් නේ. වැඩිය ඉඩ කඩ තිබ්බේ නැති පුංචි කුස්සිය උනාට හරිම හුරුබුහුටි යි. Jin oppa නම් කුස්සිය හරිම පිලිවෙලට තියන් ඉන්නවා වගේ. ඒක නෙවෙයි කෝ Jungkook?

මම හිතුවේ එයත් මාත් එක්කම කුස්සියට ආවා කියල නේ.

"Jungkook-ah, කුස්සියට ඇවිත් මට උදවු කරන්න....." මම කෑ ගැහුවා. මම නිකන් හැසිරුණේ මගේ ගෙදර වගේ. හාහාහා..

Jungkook අමුතු මූණකුත් දාගෙන ආවා. නිකන් මොන වදයක් ද මේ? වගේ මූණක්.

මට මොකෝ?

මම පොඩ්ඩක් රවල බැලුවම එයා මට උදවු කළා. හැබැයි ඉතින් මහ ලොකු දෙයක් කරන්න තිබ්බේ නැහැ. එයා ට තිබ්බේ කුස්සියේ බඩු ටික හොයාගන්න මට උදවු කරන්න විතරයි. මාර වැඩේ කියන්නෙ එයා ඒක කළේ ත‍් Jin oppa ගෙන් අහ අහා.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now