💕Episode 30💕

785 140 21
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 08
ᴅᴏɴ'ᴛ ʟᴇᴀᴠᴇ ᴍᴇ!
ᴘᴀʀᴛ 01

වේලාව : රෑ
ස්ථානය : Taehyung's Home
කාලගුණය : වහිනවා..., වහිනවා..., වහිනවා...

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

Taehyung oppa මට අද උදේ හම්බුන එක!

ඒ වගේම එයා මට කියපු දේවල්!

මේ හැමදේම හීනයක් වගේ.

මට කිසිම දෙයක් තාම හිතාගන්නවත් බැහැ.

හැමදේම නිකන්..... නිකන්.... මම හීනෙකින්වත් හිතපු නැති දේවල්.....

අද රෑට Taehyung opaa ගෙ යාළුවෝ න් ව මට හදුන්වලා දෙන්න ඕනේ කිව්වා. ඒ නිසා මට එයත් එක්ක එන්න කිව්වා. හ්ම්ම්... ඔව් මම යන්න ඕනේ ඒත්... මට නිකන් මොකක්ද මොකක්ද වගේ... දන්නේ නැති කට්ටියක් ව හම්බ වෙන එක.

මම Jungkook ට කෝල් කළා. ඒත් එයාගෙ ෆෝන් එක ඕෆ්!

අනේ මන්දා උදේ ඉඳන්ම ෆෝන් එක වැඩ නැහැ. මම දැන් කී පාරක් නම් ට්‍රයි කළා ද එයාට කතා කරන්න? අනික අද මට එයා හම්බෙන්න එන්න කිව්වේ මොකටද කියලා මම දන්නේ නැහැ. අැයි Jungkook ආවේ නැත්තේ? අයියෝ මට නම් දැන් පිස්සු වගේ මේ ඔක්කොම හිතලා.

*✲゚*。✧*✲゚*

(අද කතාව)

අද මම Oppa ගෙ යාළුවො හම්බ වෙන්නම විශේෂයෙන් පැරිස් වලින් ගෙන්නපු ගවුමක් ඇද ගෙන හිටියේ.

"ඔයා ගොඩක් ලස්සනයි නේ ආහ්! අද ඉඳන් ඔයා ට ගැලපෙන ඇඳුම් අඳින්න අර යාර ගානක් ලොකු ඇඳුම් අඳින්නේ නැතුව. Oppa ඔයාට ඕනෙ කරන හැමදේම අරන් දෙන්නම් හොඳද?" Oppa මගේ ඔලුව අතගාලා කිව්වා.

ආහ්! මට නම් තාමත් එයාව නුහුරු යි වගේ.

"දන්නවද වෙනදට නම් කාර් එක ඩ්‍රයිව් කරන්නේ මගේ මැනේජර් hyung. ඒත් අද මට ඕනෙ උනා මම ම ඩ්‍රයිව් කරන්න. ඔයාව දාගෙන යන නිසා" වාහනේ එළවන අතර Taehyung Oppa කිව්වා.

හහ්ඃ!

මෙයා මට මෙච්චර ආදරේ ද?

දැන් මට මේ හැමදේටම පුරුදු වෙන්න වෙයි වගේ.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now