💕Episode 07💕

1.3K 208 12
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 02
ᴍʀ. ʏᴏᴏɴɢɪ ᴍʏ ᴀssɪsᴛᴀɴᴛ
(මේ Chapter එකේ කතාව කලින් Chapter එකට කලින් සිද්ධ වෙච්ච දෙයක්! එ කියන්නේ Yerin Yoongi ව කලින්ම දන්නවා?)

ᴘᴀʀᴛ 1

වේලාව : උදේ!
ස්ථානය : convenience store (Kim Yerin වැඩ කරන තැන)

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

ඒක හොඳට ඉර පායලා තිබ්බ දවසක්. මම නම් ටිකක් විතර සතුටින් හිටියේ මොකද මන් වැඩ කරන තැන මගේ ප්‍රධානියා තාම ඇවිත් හිටියේ නැහැ.

මන් එයාට කැමති නැහැ. මොකද කොයි වෙලේ ත‍් එයාගෙ වැඩේ මට වද දෙන එකම තමා. ඒ මොකද කිව්වොත් මම ජොබ් එකට ආවෙ එයාට පස්සේ. ඒ නිසා එයා කොයි වෙලේ ත‍් හදන්නේ මට උගන්නන්න මයි.

මම නම් ඉතින් දවල් ශිෆ්ට් එක විතරයි. එයා ඉතින් දවල් ශිෆ්ට් එකේ භාගය යි, රෑ ශිෆ්ට් එකයි කරනවා. ඉතින් මළ වදේ එයා දවල්ට ත‍් එනවා. ඉතින් එයා කියන හැමදේම කරන්න මට සිද්ධ වෙනවා.

කොහොමහරි මන් මගේ අද වැඩ පටන් ගත්තා.

ඒක convenience store එකක්. හැබැයි ගොඩාක් ලොකුම එකක් නෙවෙයි. මම රාමේන් පැකට් ටිකකු යි කිරි ටින් ටිකකු යි අහුරන්න ගත්තා.

හදිසියේම මට දොරේ බෙල් එකේ සද්දේ ඇහුනා. කවුරුහරි දොර අරිද්දි හරිම ලස්සන සද්දයක් තමයි ඒ බෙල් එකෙන් ඇහෙන්නෙ. මම ඉක්මනටම කඩේ ඉස්සරහ පැත්තට ගියා. ඕ... ඒ වෙන කවුරුත් නෙවෙයි කඩේ අයිති කෙනා. ආ.... කවුද මේ එයත් එක්ක ඉන්න කොල්ලා? එයා නම් අසාමාන්‍ය විදිහට සුදුයි. එයා හොඳින් ද? මට නම් හිතෙන්නේ එයා ඇදන් ඉන්න සුදු ඇඳුමට ත‍් වඩා එයා සුදුයි වගේ.

මම කඩේ අයිති කෙනාට නැමිලා ආචාර කළා. "කොහොමද Yerin, හැමදේම හොඳින් වෙනවා නේද?" එයා ඇහුවා. "අහ්හ්හ්..... මෙකයි සර් මගේ ප්‍රධානියා මිස් ලී තාම ආවේ නෑ නේ.... ඉතිං......" මට ඒක කියන්නම උනා.

"ආ! ඔව් එයා අයින් උනානේ මෙතනින්. මට ඔයාට ඒක කියන්න වෙලාවක් තිබ්බෙ නැහැ. ඒකට කමක් නැහැ දැන් අපිට අලුත් ප්‍රධානියෙක් ඉන්නවා අපේ කඩේට." ඒ කියන්නේ මේ කොල්ලා ද කොහෙද අලුත් ප්‍රධානියා. මම අර කොල්ලා දිහා බැලුවා. හැබැයි එයාගෙ මූණේ න් මට කිසිම හැගීමක් හොයා ගන්න නම් බැරි උනා. හ්ම්ම් ගොඩක්ම නපුරු කෙනෙක් ද කොහෙද.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now