💕Episode 19💕

729 144 6
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 04
sʜᴏᴘᴘɪɴɢ ᴛɪᴍᴇ?
ᴘᴀʀᴛ 04

වේලාව : ෂොපින් ටයිම්?
ස්ථානය : අයිස්ක්‍රීම් ෂොප් එක

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

ඒ නිවාඩු දවසේ මම එළියේ ඇවිදින්න ගියාම මට Jungkook ව මුණ ගැහුනා. මම එයාට ෂොපින් කරන්න උදවු කළා. එයා එකපාරටම අතුරුදන් උන නිසා මම හොඳටම බය උනා. ඊට පස්සේ මම කලන්තෙ දැම්මේ, මට මිනිස්සු ගොඩක් ඉන්න තැන් වල තනියම ඉන්න බැරි භීතිකාවක් තියෙන නිසා. ඒ මගේ තාත්තා නිසා උන දෙයක්.

මොකද මට මගේ තාත්තා ව නැති උනා දවසෙත් මම අතරමං උනා මිනිස්සු ගොඩක් ඉන්න තැනක. ඊට පස්සේ තාත්තව හොයා ගෙන මම පාළු පාරකට ආවා.

මම ලේ පාර පටන් අරන් තිබ්බ තැන බැලුවා එකදිගට ම කදුළු ගලන අැස් වලින්.

ඒ මගේ තාත්තා!

ආආආආආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ් මේ කන ඇතුලෙන් ඇහෙන සද්දෙ නිසා මට දැනෙන්නේ මම මැරෙන්න යනවා වගෙ.

තාත්තා අැස් දෙක ඇර ගෙනම හිටියා... හැබැයි තවදුරටත් ඒවට පණ තිබ්බේ නැහැ.

*✲゚*。✧*✲゚*

(අද කතාව)

එකපාරටම මට කිසි දෙයක් පේන්නේ නැතුව ගියා. හැමදේම කළු පාට උනා. ඊට පස්සේ මට දැනුනේ මම වැටෙනවා.

ආආආ... හ් එක පාරටම මම හරි සිහියට ආවා. මට දැනුනේ නිකන් මම ගිලෙනව වගේ. මම අමාරුවෙන් හුස්ම ගන්න ට්‍රයි කලා.

"ඒයි. ඔයා හොඳින් ද? හරි ඔය විදියට ම හුස්ම ගන්න. දිගටම ඔහොම කරන්න" කවුද මට එහෙම කිව්වා. මට මොකුත් හරියට දකින්න බැරි උනා. මොකද මගේ අැස් තාම නිකන් බොඳ වෙලා වගේ තිබ්බේ.

එදා රෑ තාත්තා මට නැති උනා. ඒ නිසා මගේ මුළු ජීවිතේම කනපිට පෙරලුණා.

මට අඩන එක නවත්ත ගන්න බැරි උනා. මට තාම මතකයි තාත්තා හිටපු කාලේ. එයා මට කොච්චර ආදරේ කළා ද කියලා. අනික මමත් තාත්තට ගොඩක් ආදරෙයි...

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now