💕ᴏⁿᵉ ʏᵉᵃʳ ᴀⁿⁿⁱᵛᵉʳˢᵃʳʸ 💕

941 94 31
                                    

** මුලින්ම සමාවෙන්න අද කතාව FB එකෙ යාලුවෝ වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. මුල ඉදන්ම කතාව කියවපු අය වෙනුවෙන්. ඒ නිසා කතාව ඔයාලාට තේරෙයි ද දන්නේ නෑ..

තෑන්ක්ස් කියවනවට 😘

මම ස්ප්‍රින්ග් හෙවත් මිස් මින්ට චොකෝ**

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ
ᴏⁿᵉ ʏᵉᵃʳ ᴀⁿⁿⁱᵛᵉʳˢᵃʳʸ

안녕, (Annyeong)

කොහොමද ඔයාලට?

මම ඔයාලගෙ ලව් බුලට්  ලියපු රයිටර්, ස්ප්‍රින්ග් ඩේ!. අද එපිසෝඩ් එකේ මම ලියන්න යන්නේ යන්නේ මම ලාස්ට් එපිසෝඩ් එකේ ගියා කියපු වෙඩින් එක ගැන. හාහාහා 😁 ඔයාලට මම ගියපු වෙඩින් ගැන අහන්න ඕනේ නැහැ කියලා මම දන්නවා ඒත් මම ඒ වෙඩින් එකට ගියේ ඇත්තටම ඔයාලා වෙනුවෙන් අපේ ලව් බුලට් කතාවේ හිටපු චරිත ගැන විස්තර හොයාගෙන එන්න. ඇත්තටම මටත් කතාව ඇතුලට යන්න උනා විස්තර හොයාගෙන එන්න.

ඉතින් මන් හිතනවා ඒ ගැන දැනගන්න ඔයාලා කැමති වෙයි කියලා.

මෙහෙමයි උනේ දවසක් මම කතාව ලිය ලියා ඉන්න අතර මට ඉන්විටේෂන් එකක් ආවා... වෙඩින් එකට එන්න කියලා. මන් බැලුවා මේ මොකක්ද කියලා. මම ජීවිතේ ට වෙඩින් වලට ගිහින් නැහැ නේ. ඉතින් මම වැඩිය මේක ගනන් ගත්තෙ නැහැ. මම ආපහු කතාව ලියන්න ගත්තා.. ඒත් මගේ ෆෝන්  එකේ ස්ක්‍රීන්  එක පුරාම අර ඉන්විටේෂන් එක එන්න ගත්තා... මට කිසි වැඩක් කරගන්න බැරි උනා... ඉතින් මොනා කරන්නද? මේ වෙඩින් එකට ගිහින් ඇවිත් කතාවේ අන්තිම එපිසෝඩ් එක ලියනවා කියලා මම හිතුවා. වෙන කරන්න දෙයක් නැහැ නේ.

ඉතින් මම මගේ Secret door එකෙන් කතාව ඇතුලට යන්න තීරනය කලා. දැන් අහන්න එපා එ door එක මොකක්ද කියල. ඒක secret එකක් කියන්නේ ඒකනේ. මම හිටියේ ගෙදරක් ඇතුලේ... මටත් හිතාගන්න බැහැ මම කොහෙද ඉන්නෙ කියල... ගෙදරක් කිව්වට මහා ලොකු එකක් නෙවෙයි ඉතිං... හැබැයි පේන විදියට මේ තැන මට ගොඩක් හුරුයි වගේ... හිතාගන්න බැහැ... මම වටපිට බැලුව කවුද දන්නේ මේ කොහෙද කියලා.... මෙතන නම් මගේ ම තැනක් වගේ... ඔව් මේක මගේම තැනක්.. ඒ මගේ හීන ලෝකෙ තියෙන මගේ කාමරේ නේ... හ්ම්ම්ම්... මේක ගැන නම් මම වැඩිය විස්තර කරන්න යන්නේ නැහැ ඉතින්... මගේ විකාර වලින් ඔයාලට වැඩක් නැහැනේ...

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now