💕Episode 12💕

868 163 4
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 03
sᴇᴄᴏɴᴅ ᴍᴇᴇᴛɪɴɢ
ᴘᴀʀᴛ 02

වේලාව : සමහරවිට උදේ හරි හවස හරි
ස්ථානය : Yerin හා Yoongi වැඩ කරන තැන.

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

මොන මැජික් එකක් ද එයා කළේ?

මන් දන්නේ නැහැ හැබැයි මට.. මට... නිකන් දැනුනේ එයා ටිකක් විතර මාව වෙනස් කළා වගේ.

අනේ මන්දා..

කොහොමහරි දැන් මිස්ටර් Yoongi වැඩට ඇවිත් සති දෙකක්ම උනා. දැන් එයා වැඩ කරන්නෙ බේකරි සයිඩ් එකේ. ඒ කෑල්ල හැදුවා ගිය සතියේ. හැබැයි ඉතින් එයා මගේ වැඩ වලටත් ගොඩක් උදවු කරනවා.

එයා නම් ගොඩක් හොඳ Assistant කෙනෙක්.

Assistant කෙනෙක්ට ත‍් වඩා මට එයාව ගොඩක් හොඳ සහෝදරයෙක් වගේ දැනෙන්නේ.

ඉතින් මම ගොඩක් සතුටින් මෙහෙ වැඩ කරන්නේ. මොකද ඉතින් ගොඩක් හොඳ Assistant කෙනෙක් මට ඉන්නවනේ.

*✲゚*。✧*✲゚*

(අද කතාව)

"මිස්ටර් Yoongi, ඔයාට පුළුවන්ද මේ ටික ස්ටෝර් රූම් එකේ කබඩ් එකේ උඩම තට්ටුවෙන් තියන්න?" මම Yoongi ගෙන් ඇහුවා. අලුතින්ම ආපු බඩු ටික ස්ටෝර් රූම් එකට දැම්මා.. හැබැයි මන් දැනුයි දැක්කේ කවුන්ටරය ළඟ තව ටිකක් ඉතුරුයි කියලා.

එයත් හිටියේ හොඳ මූඩ් එකක. "මොකද බැරි?" එයා ස්ටූල් එකකුත් අරගෙන බඩු ටික දාල තිබ්බ කූඩයත‍් අරගෙන ස්ටෝර් රූම් එකට ගියා

" ඔයා එනකන් මන් බේකරියත‍් බලා ගන්නම්....." මන් Yoongi ට ඇහෙන්න කෑ ගහලා කිව්වා.

හ්ම්ම් Yoongi ගොඩක් හොඳට වැඩ කරන කෙනෙක්. මොකද එයා දන්නවා මට කොතැනදිද උදවු කරන්න ඕනේ කියලා. එයා දන්නවා ගෑනු ළමයෙක්ට කරන්න අමාරු වැඩ.

හරිම හොඳ gentleman කෙනෙක්.

ට්‍රීං... ට්‍රීං.... ට්‍රීං.......

හා! කාගෙ ෆෝන් එකද එ?

කස්ටමර් කෙනෙක්ගේ ද?

නැ නැ වෙන්න බැහැ සද්දෙ එන්නේ කවුන්ටරෙ පැත්තෙන්. ඒ කියන්නේ Yoongi ගෙ හරි මගේ ෆෝන් එක. හැබැයි ඒක මගේ එක නෙවෙයි. ඒ කියන්නේ ඉතින් උත්තරේ පැහැදිලියි!

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now