💕Episode 14💕

852 161 7
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 03
sᴇᴄᴏɴᴅ ᴍᴇᴇᴛɪɴɢ
ᴘᴀʀᴛ 03 (II)

වේලාව : උදේ වෙන්න ඕනේ
ස්ථානය : මම වැඩ කරන තැන

ᴍɪɴ ʏᴏᴏɴɢɪ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

ඒ දවසේ මම ගොඩක් සතුටින් හිටියේ. මොකද ගොඩ කාලෙකට පස්සෙ අඩු තරමේ අපි කට්ටියගෙන් භාගයක් වත් එකතු වෙලා ඉන්නවා.

*✲゚*。✧*✲゚*

(අද කතාව)

ඕහ්! අන්තිමේ ඇති යාන්තම්. බල්බ් එක මාරු කරලා ඉවර උනා. මම ආපහු කවුන්ටරය පැත්තට ගියා. හා? මේ Jungkook-ah ද? ඔව් මේ නම් එයා ම තමයි. මොන පුදුමයක්‌ ද? එයා මොකෝ මෙහෙ කරන්නේ? ආහ්! එයා ද අර කලින් කෝල් එකක් ගත්තෙ?

"ඒක හරි ද? මන් කිව්වේ ඔයා බල්බ් එක චේන්ජ් කළා ද?" ආහ්! මට Jungkook එක්ක කතා කරන්න ඕනේ. මෙයා මේ කොහෙද නැති බල්බ් එකක් ගැන අහනවා. මම මගේ ඔලුව වනලා උත්තර දුන්නා.

"ආහ් මිස්ටර් Yoongi, මට ඔයාව හඳුන්වලා දෙන්න කෙනෙක් ඉන්නවා...." මොකක්? මොනාද මේ මෙයා කියන්නේ? මම නෙවෙයි ද Jungkook ව මෙයාට හදුන්වලා දෙන්න ඕනේ? අනේ මන්දා මොනා වෙනවද කියලා.

"මේ ඉන්නේ Jungkook. Jungkook මේ ඉන්නේ මිස්ටර් Yoongi. එයා තමයි බේකරි සයිඩ් එකේ ඉන්නේ." හා.... එ කියන්නේ මේ දෙන්නා හොඳට අදුරනවා. මේ දෙන්නා අතර මොකක් හරි තියෙනව ද?

මේක නම් හරිම පුදුමයක්. මම නම් කවදාවත් දැකල නැහැ ගෑනු ළමයෙක් Jungkook එක්ක මෙහෙම කතා කරනවා. අරයා හැරෙන්න.

" Hyung, කොහොමද ඉතින් ඔයා ට?" අන්තිමේ Jungkook අපි දෙන්න අතර තිබ්බ නිහඬතාවය බිඳලා දැම්මා.

"කොහොමද Jungkook, ගොඩ කාලෙකට පස්සෙ" මට කියාගන්න පුලුවන් උනේ ඒ ටික විතරයි.

"ප්ලීස් මට මේක ඉක්මනට පැක් කරලා දෙන්න" කවුන්ටරයට කස්ටමර් කෙනෙක් ආවා. "Hyung මට ටිකක් කතා කරන්න පුළුවන් ද?" kookie ඇහුවා. මම කෙලින්ම බේකරිය පැත්තේ කස්ටමර් ලා ඉන්නවද කියලා බැලුවා. හරි කවුරුත් නැහැ මේ වෙලාවේ. ඉතින් මම හා කියන්න ඔලුව වැනුවා.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now