💕sᴘᴇᴄɪᴀʟ: 01💕

810 155 8
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴊᵘⁿᵍᵏᵒᵒᵏ'ˢ ᴄᵒᵐᵉᵇᵃᶜᵏ!

(Jungkook ආපහු හැමෝම එක්ක ඉන්න ආපු දවස)

[Special episode එකේ Yerin හැර හැමෝම ඉන්නවා. (ආහ්! කියන්න බැරි උනා Taehyung නම් නැහැ)]

වේලාව : රෑ
ස්ථානය : Jin/Jimin/Jungkook ගෙ කාමරේ

[මේ special episode එක තියෙන්නේ writer ගෙ View එකෙන්]

Jin ගොඩක් මහන්සි වෙලා කෑම හැදුවා. සමහරවිට ඒකේ තේරුම ගොඩක් විශේෂ දෙයක් වෙන්න යනවා කියන එකද?

"Jimin-ah, මට මේසෙ හදන්න උදවු වෙන්න.." Jin කිව්වා. "හරි Hyung-nim.. ඔයා ඉන්නකෝ මට පුළුවන් තනියම ඒක කරන්න" Jimin මේසෙ හදන එක බාර ගත්තා.

ටිරිං.... ටිරිං.... ටිරිං....

ඒ දොරේ බෙල් එක.

"මම බලන්නම්" Jin කවුද ආවේ කියලා බලන්න ගියා. පේන විදියට නම් එයා ගොඩක් හැපි එකේ ඉන්නේ. එයා ගිහින් දොර ඇරියා.

Jin ගෙ මූණ නිකන් සර්ප්‍රයිස් දෙක තුනක් එක පාරම උනා වගේ පෙනුමක් ගත්තා.

"ඕඕඕඕහ්හ්හ් Hoseok-ah, කොච්චර කාලෙකින් ද මේ..." Jin Hoseok ව වැළඳගෙන පිළිගත්තා. ආහ් Hoseok ත‍් එක්ක Yoongi ත‍් ආවා.

"ඕ... Hoseok hyung! ඔයා කොයි වෙලාවෙ ද ආවේ? කවුරුවත් මට කිව්වේ නැහැ නේ ඔයා ත‍් ඉන්නවා කියලා" Jungkook ගෙ මූණ පුරා සතුට පිරිලා තිබ්බ Hoseok ව දැකල.

" ඔව් මම පැයකට කලින් වගේ ආවේ" Hoseok සෝෆා එකේ ඉඳගන්න ගමන් එයාගෙ කරේ තිබ්බ බෑග් එක බිමින් තිබ්බ. Jin ත‍් ඇවිත් සෝෆා එකේ වාඩි උනා. Yoongi හිමින් කුස්සියට ගියේ Jin hyung හදල තියෙන්නෙ මොනාද කියලා විපරම් කරල බලන්න.

"හැබැයි Jungkook-ah ආවා කියලා අහපු එක තමයි මට නම් ලොකුම පුදුමේ" Hoseok කිව්වා. හැමෝම Jungkook දිහා බැලුවා. Jungkook බිම බලා ගත්තා. "ඔව්... මගේ වැරැද්ද.... මට hyung ලත් එක්කම ඉන්න තිබ්බ" හ්ම්ම්... එයා තාම ඒ ගැන දුක් වෙනවා.

"මේ කට්ටිය පස්සේ කතා කරමු. මුලින්ම මේ කෑම ටික හදල ගමු. පේන විදියට මේක බාගෙට පිච්චිලා වගේ. Jin hyung, කොහේ යනවද කෑම ලිපේ තියල? මම හිටිය නිසා හොඳයි" Yoongi ගෙ කෑ ගැහිල්ලට Jin සෝෆා එකෙන් විසි වෙලා වගේ නැගිටලා කුස්සියට ගියා.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now