ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ
ᴄʜᴀᴘᴛᴇʀ 02
ᴍʀ. ʏᴏᴏɴɢɪ ᴍʏ ᴀssɪsᴛᴀɴᴛ
ᴘᴀʀᴛ 2වේලාව : උදේ!
ස්ථානය : convenience store (Kim Yerin යි Min Yoongi යි වැඩ කරන තැන)ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ
(පසුගිය මතකයන්)
එ හොඳට ඉර පායපු දවසේ හැමදේම අවුල් උනත් මම සතුටින් හිටියේ මොකද වැඩ කරන තැන තමයි මම නිදහසේ ඉන්න තැන. අනික හොඳම දේ තමා මගේ chief ලී තාම වැඩට ඇවිත් නැහැ.
ඊටපස්සේ කොහොමහරි ෂොප් එක අයිති කෙනා ඇවිත් කිව්වා මම තමයි දැන් මෙතන chief, මට අලුත් assistant කෙනෙක් ඉන්නවා කියලා.
එයා නම් මාර අමුතුයි.
නම Min Yoongi!
"අ.... මිස්ටර් Yoongi, ඔයා ට පුළුවන් පොඩි රෙස්ට් එකක් ගන්න... මට පුළුවන් customers ලව බලා ගන්න. අද ඉතින් පලවෙනි දවස නේ. හැබැයි මිනිත්තුව දහයයි." මම එයාට කිව්වා. මට තේරෙනවා කාගෙ හරි යටතේ වැඩ කරද්දි කොහොමද කියලා. මමත් කලින් ඕක විඳලා තියෙනව. හැබැයි ඉතින් මිස් ලී නම් මට කවදාවත් බ්රේක් එකක් නම් දුන්නෙ නැහැ.
හැබැයි මම නම් ඉතින් තවත් මිස් ලී කෙනෙක් වෙන්නේ නැහැ.
මම මගේ විදියට ඉන්නවා
*✲゚*。✧*✲゚*
(අද කතාව)
ආහ්! මේක මට විකාර හිතන්න වෙලාවක් නෙවෙයි. කස්ටමර් කෙනෙක් ආවා. මොනාද එයාට ඕනෙ? ආහ්! Instant ramen. අයියෝ දැන් නම් ගොඩක් කස්ටමර්ස් ලා එනවා. මේ Yoongi මොනාද කරන්නේ?
"මිස්ටර් Yoongi, ඔයා කොහේද?" මම සද්දෙන් කතා කරලා බැලුවා. හැබැයි කිසිම හාවක් හූවක් නැහැ. අයියෝ මෙයා කොහේ ගියාද? අනේ මන්දා! හොඳ වෙලාවට ලොකු අවුලක් උනේ නැහැ. මොකද කිව්වොත් ආපු ඔක්කොම කස්ටමර්ස් ලා වගේ Instant Ramen ගන්න ආවේ. පේන හැටියට ඔක්කොම office workers ලා වගේ. හ්ම්ම් හැමෝම කනවා මන් මිනිත්තුවක ට Yoongi කොහෙද බලන්න ගියාට අවුලක් නැති වෙයි. මම කෙලින්ම staff රූම් එකට ගියා. ඒක පුංචි කාමරයක්. අපේ ෂොප් owner ගොඩක් හොඳ කෙනෙක් නේ. එයා තමයි මේ staff රූම් එක හැදුවේ අපිට. මෙකේ එක පැත්තක් කළු කර්ටන් එකකින් වෙන් කරලා තියෙන්නේ. අපිට ඕනේ නම් ඒක changing රූම් එකක් කර ගන්නත් පුළුවන්. අනික wash රූම් එකකුත් තියෙනවා.
YOU ARE READING
ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓
FanfictionͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ එකමත් එක අඳුරු රාත්රියක, පාලු පාරකදී අහම්බෙන් වගේ කිම් යේරින්ට මුණගැහෙනවා ජොන් ජොන්ග්කුක්ව. ඉතින් මේ අහම්බය කිම් යේරින්ගෙයි, ජොන් ජොන්ග්කුක්ගෙයි ජීවිත කොයි තරම් දුරට වෙනස් කරයි ද? ₃₁.₀₅.₂₀₁₉