💕Episode 17💕

790 156 13
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 04
sʜᴏᴘᴘɪɴɢ ᴛɪᴍᴇ?
ᴘᴀʀᴛ 02

වේලාව : ෂොපින් ටයිම්?
ස්ථානය : මාර්කට් එක

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

මගේ නිවාඩු දවසේ මම පොඩ්ඩක් ඇවිදින්න ආවා. මම හිතුවෙ නැහැ මට ආපහු එයාව අද හම්බෙන්න පුළුවන් වෙයි කියලා.

"ආආආආහ්හ්හ්.... ඔයා දන්නවද මම කොච්චර බය උනාද කියලා?... මම හිතුවෙ මම අතරමං උනා කියල" මගේ අැස් වලට කදුළු ත‍් ආවා.

"ඔයා කොහොමද එහෙම මාව දාලා ගියේ?" මම එයාට බැනගෙන ගියා.

ඔව්.....,

එයාගෙ වැරද්ද. එයා කොහොමද එහෙම මාව දාලා ගියේ?

*✲゚*。✧*✲゚*

(අද කතාව)

ඔව් මම ගොඩක් බය උනා... මට ආපහු නම් කවුරුත් මාව අතරමං කරලා යන්න ඕනේ උනේ නැහැ..... මට නිකන්... දැනුනේ..... මට... තව නම්.... කෙලින් ඉන්න බැහැ වගේ.....

එක පාරටම හැමදේම අදුරු වෙලා ගියා.

මට අවුරුදු ගානකට කලින් ඒ දවසේ දැනුනා හැඟිම් ම දැනෙන්න ගත්තා.

"තාත්තේ, ඔයා කොහෙද?"

"ඔයා කොහෙද??"

"ඔයා කොහෙද???"

මගේ කටහඩ ම මගේ ඔලුව ඇතුලේ දෙදරුම් කන්න ගත්තා.

මට මගේ අැස් අරින්න කොච්චර ඕනේ උනත් ඒක කරන්න බැරි උනා.

ආආආආආආආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්..... මන් හදවත ඇතුළින්ම කෑ ගැහුවා.

"YERIN-AH , YERIN-AH , නැගිටින්න...!"

කවුද ඒ කෑ ගහන්නේ? ඒ කවුද කියලා මට බලන්න ඕනේ.

අන්තිමේ මම දිනුවා. කොහොමහරි මම අැස් දෙක ලාවට ඇරගත්තා. කිසි දෙයක් හරියට ම පේන්නේ නැහැ. මම තව ටිකක් අැස් අරින්න හැදුවා. හැබැයි ඒක ගොඩක් අමාරු වැඩක් උනා.

මගෙ ඔලුව තිබ්බේ Jungkook ගෙ ඔඩොක්කුවේ. අනික මිනිස්සු වට වෙලා හිටියේ අපි ළඟට. මම Jungkook දිහා බැලුවා. මට නිකන් දැනුනේ මම හීනයක් දකිනවා වගේ.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now