💕Episode 31💕

704 141 13
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 08
ᴅᴏɴ'ᴛ ʟᴇᴀᴠᴇ ᴍᴇ!
ᴘᴀʀᴛ 02

වේලාව : රෑ
ස්ථානය : Taehyung's Home
කාලගුණය : වැස්ස අඩු කළා.

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

Jungkook මට ලං උනා ගොඩක් වැඩියි වගේ....

ඒත් අැයි එයා එච්චර බීලා තියෙන්නේ?

මොකක්ද අවුල?

තව තත්පරයක් පරක්කු උනා නම් ඒ තොල් මගේ තොල් වල..... ආහ්! Yerin-ah හරි සිහියට එනවා....

මම මටම අණ දුන්නා.

පල්ලෙහා ට ආවට මම හිටියේ Jungkook ගෙ සිහියෙන්.... මට අනික් අය කතා කරපු කිසිම දෙයක් හිතාගන්න බැරි උනා....

මගේ හිත එකදිගට ම Jungkook ගැන වද උනා...

*✲゚*。✧*✲゚*

(අද කතාව)

අන්තිමේ එයා පල්ලෙහා ට ආවා... කළුපාට අත් දිග ඇගට වඩා ගොඩක් ලොකු ටී ෂර්ට් එකකුත් ඇදගෙන.

නාලා ද? කොන්ඩෙ ත‍් තෙත යි වගේ.

දැන් නම් මූණ එච්චර ම අවුල් වගේ නැහැ.

මම එයා දිහාම බලන් හිටියට එයා එකපාරක් වත් මන් දිහා බැලුවේ නැහැ..... අැයි එ?

ආපහු පාරක් එයාගෙ කලින් ගර්ල් ෆ්‍රෙන්ඩ් නිසා ප්‍රශ්නයක් උනාද?

මට කිසි දෙයක් හිතාගන්න බැරි උනා.

Jungkook බිම බලාගෙන ම ඇවිත් සෝෆා එකේ Jimin Oppa ලඟින් වාඩි උනා.. මම හිටියේ Hoseok Oppa ළඟ.

"Yaaaaa...hyung දිහා බලන්නේ වත් නැද්ද?" Taehyung Oppa Jungkook දිහා බලලා ඇහුවා.. ඒ දෙන්නා අතර තියෙන්නේ අමුතු බැදීමක් වගේ. Jungkook එයාගෙ අැස්, Taehyung Oppa ගෙ කටහඬ ඇහෙද්දී ම උස්සපු විදිහෙන් තේරුණා. හ්ම්ම්.... Jungkook නැගිටලා Oppa ව බදා ගත්තා...

"මට සමාවෙන්න Hyung හැමදේටම.... මම ඒ කිසිම දෙයක් හිතලා කරපු දේවල් නෙවෙයි.." Jungkook, Oppa ව බදා ගෙන ම කිව්වා..

"Yaaa, Jungkook-ah මම ඒ හැමදේම අමතක කරලා දැන් ගොඩක් කල්... තාම ඕවා හිතාගෙන ඉන්නවා ද?" Oppa, Jungkook ගෙ පිට ට තට්ටු කරන ගමන් කිව්වා. Jungkook, Oppa ගෙ ඇඟෙන් අයින් උනා...

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now