💕Episode 24💕

721 141 15
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 06
sʜᴇ!
ᴘᴀʀᴛ 03

වේලාව : හිතා ගන්න බැහැ හොටෙලේ ඇතුලේ ඉන්න හින්දා.
ස්ථානය : Hotel "Oh"

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

මේ වගේ හෝටලයක් මම දැක්කේ පලවෙනි වතාවට. ඉතින් මම පිස්සු වැටිලා හිටියේ. ඒත් බය ත‍් හිතුනා. මොකද මේක මන් හිතුවට වඩා ගොඩක් ලොකු තැනක් නිසා.

ඒත් එයා මගේ හිතේ තිබ්බ බය නැති කළා.

අන්තිමේ මගේ හිත දන්නවා මම එයාට ඇත්තටම ආදරේ කරනවා කියල. ඒක තමයි අපේ බැදීම... මට අර කලින් හිතා ගන්න බැරි උන. මේ හේතුව නිසා වෙන්න ඇති එදා රෑ අහම්බෙන් හරි අපි දෙන්නව මුණ ගැහුනෙ.

ඒ හමුවීම අපිව ගොඩක් දුර ගෙනාවා...

අද මගේ හිත කියනවා මම එයාට ආදරේ කරනවා කියල.

එයත් මට කැමතියි ද?

ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නේ..

*✲゚*。✧*✲゚*

(අද කතාව)

කොහොමහරි අපිට ගොඩක් වෙලා ඒ හිටපු විදිහට ඉන්න බැරි උනා. මට වැඩ ගොඩයි. අනික Jungkook උනත් මගේ ඇසිස්ටන් උන නිසා බිසී වෙලා හිටියේ. කොහොමහරි මේන් දේවල් ටික සර්ව් කරලා ඉවර උනා. මට තිබ්බේ Jungkook ගාවට වෙලා හිටගෙන ඉන්න. කවුරුහරි ගෙස්ට් කෙනෙක් එන්න කියලා සන් කරනව ද කියලා බලන් ඉන්න තමයි තිබ්බෙ.

"Ya! ඔයාට දැන් වැඩේ හුරුයි නේද?" Jungkook මගෙන් රහසින් වගේ ඇහුවා. මම කැමැතියි එයා මන් ගැන හොයලා බලපු විදියට. ඒත් ඉතින් මේ වගේ වෙලාවක සීරියස් මූඩ් ගහලා ඉන්න හිතුනේ නැහැ මට. මොකද ඉතින් මේ උත්සවේ හෙන කම්මැලියි.

"Ya! මට කොහොමත් අවුලක් නැහැ. මම මුලින්ම කිව්වා නේද මම පාර්ට් ටයිම් ජොබ් ගොඩක් කරලා ඉන්නේ කියලා" මම ඊඊඊඊඊ කියලා හිනාව දාගෙන දත් අතරින් කිව්වා.

"Yaaa Kim Yerin! මතක නැද්ද දැන් ටිකකට කලින් හොඳටම බය වෙලා හිටියා" Jungkook ත‍් දත් අස්සෙන් කිව්වා. ආ... හ්! මාර ලැජ්ජාව! මම කිව්වත් වගේ ටිකක ට කලින් බයේ ගැහුනා නේද? දෙය්යනේ... දැනුයි මතක් උනේ... Jungkook? එයා කොහොමද මට එච්චර ලං උනේ? මට නිකන් දැනුනේ එයා ආපහු මගේ මූණ ට ලං වෙලා ඉන්නවා වගේ.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now