💕Episode 27💕

702 143 12
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 06
sʜᴇ!
ᴘᴀʀᴛ 06

වේලාව : රෑ
ස්ථානය : පාර

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

එයාගෙ කලින් ගර්ල් ෆ්‍රෙන්ඩ් ව මට රිපෝර්ට් කරන්න එපා ලු.

පව් අනේ මෙයාට දුක ඇති එයා ගැන.

මන් දන්නේ නැහැ එ වගේ කෙනෙක් එක්ක මෙයා මොකට යාලු වෙලා හිටිය ද කියලා.

"... ඒත් ඔයාට පුළුවන් ද එක පාරක් එයාව රිපෝර්ට් කරන්න එපා කිව්වේ අැයි කියන හේතුව අහන්න?" Jungkook එක පාරටම මන් දිහා බලලා ඇහුවා.

මන් ගල් උනා වගේ.

මන් දන්නවා හේතුව.....

ඒත් එයා ට එක එයාගෙ කටින් ම කියන්න ආස ද?

එයා ට දැන් ඕනේ මම ඒක අහගෙන ඉන්නවා බලන්න ඕනෙද?

එක්කෝ ඔන්න ඔහේ කියන්න දෙනව.

එයාගෙ ත‍් ආසාව නේ.

*✲゚*。✧*✲゚*

(අද කතාව)

ආහ්? ඒත් මේ අපි බහින්න ඕනේ තැන නේද?

"කියන එකක් බස් එකෙන් බැහැල කියන්න" මම නැගිටලා බස් එකෙන් බහින්න ගියේ.

තාමත් එයා පුදුම වෙලා ඉඳ ගෙනම ඉන්නවා.

'ඔයා අද බහින්නේ නැද්ද?' මම අැස් වලින් ඇහුවා.

අන්තිමේ බස් එක නැවැත්තුවා.

"අහන්න කෝ..." Jungkook කතාව පටන් ගන්න යන්නේ..... දැන් එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ට එයා තාමත් කැමැතියි කියද්දී මූණ වෙනස් කර ගන්නේ නැතුව ඉන්න පුළුවන් තරම් ට්‍රයි කරන්න ඕනේ... එක්කෝ මම එයා කියන දේ අහගෙන ඉන්නෙ නැහැ... ඔව් ඒක තමයි හොඳම දේ..... මම මටම අණ දුන්නා. Jungkook කතා කරලා ඉවර උනාම කියන්න ඕනේ උත්තරේ එහෙමත් මම හිතින් හදා ගත්තා.

හරි එයා කියලා ඉවරයි.. දැන් මගේ වාරේ..

"මොනාද කියන්නේ අනේ ඔයා එයාට තාම කැමැතියි උනාට බලන්න එයා මගේ අතට කරපු දේ... දැන් ඉතින් කමක් නැහැ මන් ඔයා නිසා එයාට සමාව දෙන්නං අනික...." මොකක්? පොඩ්ඩක් ඉන්න මොකද මෙයා මේ හිනා වේගෙන මන් දිහා බලන්නේ?

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now