💕Episode 15💕

853 152 6
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 03
sᴇᴄᴏɴᴅ ᴍᴇᴇᴛɪɴɢ
ᴘᴀʀᴛ 03 (III)

වේලාව : උදේ තමා
ස්ථානය : Kim Yerin හා Min Yoongi වැඩ කරන තැන / ගෙදර

ᴊᴇᴏɴ ᴊᴜɴɢᴋᴏᴏᴋ ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

මම හැමදේම නැති කරගත්තා. අද මම ගෙදරත් අතහැරලා දැම්මා. ඇදුම් ටිකක් අර ගෙන මම ගෙයින් එලියට බැහැල Yoongi hyung ට කෝල් කලා. එයාගෙ ෆෝන් එක answer කළේ එයත් එක්ක වැඩ කරන කෙනා. එයා මට convenience store එකට යන්න ඕනේ පාර කිව්වා. ඉතින් මම එයා කිව්ව විදිහට ගියා.

හා!මෙයා මොකද කරන්නේ මෙහෙ? මට ආපහු අර කෙල්ලව මුණ ගැහුනා.

අර Home Minister ගෙ දුව.

මොකක්?

මට හිතාගන්නත් බැහැ.

"ඔයා???"

"ඔයා???"

අපි දෙන්නම එකම වෙලාවේ කෑ ගැහුවා. ඔව් ගිරිය කඩා ගෙන කෑ ගැහුවේ. මටත් ඒක එච්චර ලොකු කෑ ගැහිල්ලක් කියලා දැනුනේ ෂොප් එකේ හිටපු ඔක්කොම වගේ කස්ටමර් ලා අැස් ලොකු කරන් අපි දෙන්න දිහා බලන් හිටපු නිසා.

මේක නම් මාර පුදුමයක්!

අපි ආපහු මුණ ගැහුනා.

මේකට මට පොඩි සතුටක් දැනුනා ද? නැත්නම්........

අනේ මන්ද

*✲゚*。✧*✲゚*

(අද කතාව)

මම හැමොටම නැමිලා ආචාර කරලා සමාව ගත්තා. ඊට පස්සේ මන් කෙලින්ම ගියේ අර කෙල්ල ගාවට. ආහ්! එයාගෙ බැල්ම.... පිස්සු වගේ. මොකද මෙයා මන් දිහා මෙහෙම බලන්නේ? මෙහෙම බලන් ඉද්දි අැස් දිහා බලලා කතා කරන්න හරිම අමාරුයි. පේන විදියට එයාට මාව දැකල ගොඩක් පුදුමයි වගේ. ඒ කියන්නේ සමහරවිට.... එයා ට මාව ආපහු දකින්න ඕනේ නැද්ද? ඔව් එහෙම වෙන්න ඕනේ. ඊයේ රෑ ත‍් ඉතින් එයා පුළුවන් තරම් කළේ මට බැනපු ඒකනේ.

ආහ්! මේක නම් පිස්සුවක්. අපි ඊයේ අහම්බෙන් මුණ ගැහුනා විතරයි අදත් අහම්බෙන් මුණ ගැහුනා. දැන් එ කියන්නේ මෙච්චර අහම්බයන් වෙන්න පුළුවන් ද?

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now