💕Episode 36💕

753 132 6
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 09
ɴᴇᴡ ʟɪғᴇ
ᴘᴀʀᴛ 02

වේලාව : උදේ

ᴊᴇᴏɴ ᴊᴜɴɢᴋᴏᴏᴋ ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

ඊයේ....

ඊයේ....

ඊයේ.....

හීනෙන් පේන්නේ ත‍් ඊයේ උන දේවල්...

වෙලාවකට හිතෙනව ඇත්තටම ඊයේ සිද්ධ උන දේවල් හීනයක් ද කියලත්...

ඒත් ඒ හැමදේම උනා... මොකද මට නිකන් තාමත් Yerin ගෙ තොල් වල උණුසුම මගේ කම්මුල් වලට දැනෙනවා වගේ...

*✲゚*。✧*✲゚*

(අද කතාව)

අම්මෝ ඇඟට පුදුම මහන්සියක් නේ දැනෙන්නේ ඊයේ Hyung ලා එක්ක දගලලා...

හොඳටම නිදි මතයි.

"Yaaa a... නැගිටිනවා.... Jungkook-Ahhhh" මේ මොකද මේ......?

කවදාවත් නැතුව Yoongi hyung උදෙන් ඇවිත්....?

මට කරදර කරන්නේ අැයි?

මොන වදයක් ද?

මම කොට්ටෙ අරගෙන ඔලුව වහ ගත්තා....

"Yaaa a... නැගිටිනවා..." අපෝ.... මහ වදයක් නේ... අපි මෙයාව ඇහැරවන්න ගියාම බලන්න එපැයි අපිට බනින විදිහ....

"මොකද..... Hyung වද... දෙන්නේ.... උදේ.. ම?" මම අමාරුවෙන් ඇස් අරින්න කම්මැලි කමේ ඇහුවා... හොඳට නිදන් හිටපු නින්ද කැඩුවා නේ....

මට ලස්සන හීනෙකුත් පෙනී පෙනී තිබ්බේ....

ඒ හීනෙ....... එක්කෝ ඕනේ නැහැ.... ඕවා විස්තර කරන්න....

"Yaaa! ඊයේ Yerin-ah ව ගෙදර ට ම යනකන් එක්කගෙන ගියාද?" මේ මොකද මේ?

මේ hyung ප්‍රශ්න අහන විදිහ නම් මට අල්ලන්නේ නැහැ... Yoongi hyung මොකට මෙවා අහනවා ද මන්දා? ලඟදි ඉඳන් Hyung ඕපදූප හොයනවා වැඩි වෙලා...

"ඔව්... ඔව්... Hyung.. ගෙදර ට ම එක්කගෙන ගියා.... මොකද අනේ... උදේ පාන්දර ඕවා අහන්නේ?" මම ඇඳේ පෙරළිලා ඇහුවා...

"Yaaa ගේ ඇතුලට ම යනවා දැක්කා නේද?" මොන මළ වදයක් ද? Hyung නෙවේ නම් මන් හොඳ දෙකක් කියනවා...

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now