💕Episode 25💕

688 135 11
                                    

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ

ᴄʜᴀᴘᴛᴇʀ 06
sʜᴇ!
ᴘᴀʀᴛ 04

වේලාව : හිතා ගන්න බැහැ
ස්ථානය : ?........................

ᴋɪᴍ ʏᴇʀɪɴ's ᴠɪᴇᴡ

(පසුගිය මතකයන්)

Jungkook එක්ක වැඩ කරන එක හරිම ෂෝක්. ඒත් හිටි හැටියේම Jungkook ගෙ පිස්සු කලින් ගර්ල් ෆ්‍රෙන්ඩ් මගේ ඇගට උණු සුප් එකක් හැලුවා නේ.

මගේ අත පුදුම විදිහට තමයි රිදෙන්නේ. දනවා ඉන්න බැහැ....

මැරෙන්න වගේ තමයි අත රිදෙන්නේ. මට දැනුන මම Jungkook ගෙ ඇගට බර උනා වගේ. මට දැනුන එයාගෙ අත් මාව තදින් අල්ලාගන්නව.

එයා මන් ළඟම ඉන්නවා කියලා මම හිතනවා....

මට හරිහැටි සිහියක් නැති උනත් අතේ වේදනාව නම් ගොඩක් ම දැනුනා.......

හම ඔක්කොම නිකන් ගැලවිලා ගිහින් වගේ.......

මේ ඔක්කොම අර පිස්සු ගෑනි හින්දා තමයි!

*✲゚*。✧*✲゚*

(අද කතාව)

දැන් නම් නිකන් මුළු ඇඟම හොලවන්න බැහැ වගේ. මට දැනෙන්නේ මම මැරිලා වගේ. ඒත් මට දැනුනා කෙනෙක් මගේ ඔලුව හරිම ආදරෙන් අතගානවා. හරිම සනීපයි..

මම හෙමින් හෙමින් අැස් ඇරියේ ඒ කවුද කියලා බලන්න.

Jungkook!

මම හිටියේ ඇඳක් උඩ. පේන හැටියට හොස්පිට්ල් එකක්. Jungkook හිටියේ මම වැතිරිලා හිටපු ඇඳේ පැත්තකින් වාඩි වෙලා. එයාගෙ අතක් තිබ්බේ මගේ ඔලුව උඩ. එයා මගේ ඔලුව අතගාන ගමන් තමයි හිටියේ. එයාගෙ මූණ නම් එච්චර හොඳ පෙනුමක නෙවෙයි තිබ්බේ.

ඒත් මම අැස් ඇරපු ගමන් ම එයා පොඩි හිනාවක් මූණ ට දාගත්ත. මගේ කොන්ඩෙ උඩ තිබ්බ එයාගෙ අතත් ගත්තා. මමත් හිනා වෙලා නැගිටින්න හැදුවට මට අමතක වෙලා අතට බර උන නිසා අත ගොඩක් රිදුනා.

"නැගිටින්න එපා. ඔහොම ඉන්න" Jungkook මාව නවත්තන ගමන් මට කිව්වා. මම එයා දිහා බැලුවා. එයා එච්චර හොඳ මූඩ් එකක නෙවෙයි හිටියේ.

"ඔයා ට දැන් කොහොමද?" එයා මගෙන් ඇහුවා. මම සුපුරුදු විදිහට ඔලුව වනලා උත්තර දුන්නා.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now