02 කොටස

599 174 61
                                    

"Good morning අංකල්. මම දැන්වීම දැකලා ආවේ. නර්තන සහයකයෙක් අවශ්‍යයි කියලා තිබුනේ. ඇත්තටම ඒක කඩයක් ඉස්සරහ ගහලා තිබ්බෙ.. ඒත් වාසනාවට මම ඒක දැක්කා. මම ඒකට ආවේ."

52 වන හරස් වීදීයේ කොනක තිබුණු විශාල රංග ශාලාව ඉදිරිපිට හිටගත්ත ජිමින් එතැන මුර කුටිය තුල හිටපු මුරකරුගෙන් අහනකොට ගැස්සුන ඔහුගෙ අත ඔහු පිලියෙල කරමින් හිටපු card house එකෙ වැදිලා එය සීසීකඩ විසිරෙනකොට කෝපයෙන් ජිමින් දිහා මොහොතක් බලාගෙන හිටපු ඔහු ජිමින්ගෙ උඩ ඉඳන් පහලටම බැලුවා.

"මොකක් ද? කිව්වෙ. හයියෙන් කියන්න ළමයො."

කන ජිමින්ගෙ පැත්තට හරවලා ඔහු ආයෙම සැරයක් අහනකොට දෙතොල් නොපිට පෙරලා ගත්ත ජිමින් ඉනට අත තියාගෙන මහලු මුරකරු  දිහා බලාගෙන හිටියා.

"නර්තන සහයකයෙක් ඕනෙ කියලා ගහලා තිබුණු දැන්වීම දැකලා ආවේ....!!!!!!!!!!!! මට ඇතුලට යන්න පුලුවන් ද?"

තමන්ට පුලුවන් තරම් හයියෙන් මහලු මුරකරු ගෙ කනට ලං කරලා කෑ ගැහුව ජිමින් වේගයෙන් හුස්ම ගන්නකොට හිමිහිට ඇසිපිය හෙලපු ඔහු ඔහුගෙ දකුණු අත රංග ශාලාවට දිගු කලා.

"ඔය තරම් හයියෙන් කෑ ගහන්න දෙයක්ද ඒක .යන්න ඇතුලට"

ජිමින් දිහා කෝපයෙන් බලපු ඔහු මුමුණන කොට ජිමින් දෙතොල් හපාගෙන ඔහු දිහා බලාගෙන හිටියා.

"අද දවස තුල ආව පනස් දෙවනියා"

"මොකක් ද?"

හිමිහිට මුමුණපු ඔහු අනිත් පැත්ත හැරිලා ආයෙම වතාවක් ඔහු කර කර හිටපු බැරෑරුම් කාර්යය වන කාර්ඩ් හව්ස් එක ආයෙම වතාවක් පිලියෙල කරන්න ගත්තාම පුදුමෙන් ඔහු දිහා බලාගෙන හිටපු ජිමින් මොහොතක් කල්පනා කරලා ඉදිරියට යන්න ගත්ත.

"ඔහ්... හරිම අමුතු මනුස්සයෙක්.  මුරකාරයා මෙහෙම නම්  අයිති කාරයා ඇති යකෙක් වගේ.... තිබ්බ පය ආයේ ගන්න බෑ ජිමින්. පුරුෂ ධෛර්යය අරගෙන යමු නේද අපි..."

තමන්ටම මුමුණා ගත්ත ජිමින් හොඳ හුස්මක් අරගෙන ඉදිරියට ගියේ ඊළග මොහොතෙ රංග ශාලාවෙ දොරටුව ඉස්සරහ හිටගෙන ඉන්නකොට.

"හරි... අපි යමු...."

තමාටම මුමුණා ගත්ත ජිමින් රංග ශාලාවෙ විශාල දොරටුව විවෘත කරගෙන ඇතුලට යනකොට දැක්කෙ කේබල් එකක එල්ලිලා අවකාශයේ නර්තන පුහුණු වීම් කරන පුද්ගලයෙක්. මුහුණ පැහැදිලිව නොපෙනුනත් , කිසිම ආරක්ෂාවක් නැතිව අවකාශයේ කේබල් එක අත අරමින් නැවතත් වේගයෙන් ග්‍රහනය කරමින් නර්තනයේ නියුතු උන ඔහු දිහා ජිමින් පුදුමයෙන් බලාගෙන හිටියා. කලු පාට සිල්ක් ඇඳුමක් ඇඳගෙන හිටපු ඔහුගෙ ශරීරය නිරාවරණය වෙලා වේගයෙන් චලිත වෙන ඔහුගෙ පෙනෙන පිරුපුන් පපුව දිහා ජිමින් ඇස් පිය නොහෙළා බලාගෙන හිටියා.

𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now