07 කොටස

495 162 101
                                    

"ඒ කියන්න ජිමින් ජන්කුක් ගෙ රූම් එකෙ හොල්මනක් දැක්කා.."

පෙරදා රාත්‍රියෙ සිදු උන සිදුවීම ගැන හොසොක් විසි වෙනි වතාවටත් ජිමින්ගෙන් අහනකොට බර හුස්මක් උඩට ඇද්ද ජිමින් හිස වැනුවා.


"ඔව් හියුන්. අඳුරු චායාවක්"

"ජිමින් දැක්කෙ පූසෙක් වෙන්න බැයිද?"

ජිමින් කියනකොට හොසොක් ඇහුවේ , ජිමින් පුදුමයෙන් ඇස් කරකවලා හොසොක් දිහා බලනකොට.




"මොකක් ද ? පූසෙක්... පූසන්ට කතා කරන්න පුලුවන් උනෙ කවදා ඉදන්ද හියුන්."

ජිමින් තරහෙන් මුමුණන කොට පිලිතුරක් නොදුන්න හොසොක් ඉස්සරහ බලාගෙන ඉන්නකොට හොසොක් ඔවුන් වාඩි වෙලා හිටපු පඩියේ හරිබරි ගැහිලා වාඩි උනේ හිමිහිට ඇද වැටෙන හිම පියලි දෙස දෑස යොමු කරන ගමන්




"මේ නත්තල් කාලෙ මොන හොල්මන් ද ජිමින්. ජිමින් බොරුවට බය වෙලා"

හොසොක් හිනා වෙවී කියනකොට කිසිවක් නොකී ජිමින් හොසොක්ට පිච්චිලා යන බැල්මක් හෙලුවත් හොසොක් සිනා සෙමින් ජිමින් දිහා බලාගෙන හිටියා.



"මම ඕකට හේතුව දන්නවා ජිමින්"

හොසොක් හිනා වෙන ගමන් කියනකොට කිසිවක් නොකී ජිමින් වේගයෙන් ඇසි පිය හෙළන ගමන් හොසොක් දිහා බලාගෙන හිටියෙ කුතුහලයෙන්.


"ඒ මොකක් ද හියුන්..?"

"ඕකට කියන්නෙ ලව් ටෙලිපති"

"මොන ටෙලි පති කීවා..?"

ජිමින් ඉඳගෙන හිටපු පඩියෙන් නැගිටින ගමන් කෑගහනකොට හොසොක් ජිමින්ගෙ අතින් ඇදලා ආයෙමත් පඩිය උඩ වාඩි කර ගත්තෙ ජිමින් ඇස් ලොකු කර ගෙන බලාගෙන ඉන්නකොට.




"මොන ටෙලිපති?"

ජිමින් හොසොක්ගෙ මූණට මූණ ලං කරලා අහනකොට කිසිවක් නොකී හොසොක් සිනා වෙන ගමන් කබාය තුල ඔහුගෙ අත් දෙක රුවාගෙන ජිමින් ගෙ කුතුහලයෙන් පිරී ගිය හැසිරීම දෙස සිනා මුසුව බලාගෙන හිටියා.


"ලව් ටෙලිපති.."

"ඈ.. හියුන් කියන්නෙ අර නපුරු ඇස් වලට මම ආදරය කරනවා කියලාද ආ... යූ කිඩින් මී හියුන්? සීරියස්ලි?"

𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now