38 කොටස

303 108 30
                                    

"කුකී... යන්නම ඕනෙද?"

ජන්කුක් ගෙ අතෙ එල්ලිලා හිටපු රෝස පාට හිම බෝලෙ මූණ බෙරි කර ගන්නකොට ජන්කුක් එයාගෙ නලල උඩ තොල් දෙක තියලා තද කරගෙන ටිකක් වෙලා හිටියා.




"මම ආයෙ එනවා... ජිමින්"

"පින්කි ප්‍රොමිස්?"

ජන්කුක් ස්ථීර හඩින් කියනකොට ජිමින් සුලගිල්ල ජන්කුක් ට දිග් කරලා හුරතල් විදියට තොල් දෙක අනිත් පැත්තට හරවා ගන්නකොට ජන්කුක් ජිමින්ගෙ සුලගිල්ලට එයාගෙ සුලගිල්ල පැටලුවා.

"ප්‍රොමිස්..."

"නොවූඌඌඌඌඌඌ... හරියට කියන්න. පින්කි ප්‍රොමිස් කියන්න"

ජන්කුක් ආයෙත් අත ගන්න හදනකොට ජිමින් තොල් දෙක උල් කරගෙන පැමිණිලි කලා.

"ඔහ්. ඕකෙ ඕකෙ... පින්කි ප්‍රොමිස්. මම එන්නෙ තනියම නෙවෙයි. ගුක් එක්කමයි"

ජිමින්ගෙ කොන්ඩෙ ඇවිස්සුව ජන්කුක් ජිමින්ව පපුවට තද කර ගනිද්දි ජිමින් ජන්කුක් ගෙ බඳ වටේට අත් දෙක දාලා ජන්කුක් වටේ එතුනා. ටික වෙලාවකින් ජන්කුක් ගෙ ඇග වටේට ජිමින් කකුල් දෙකත් දානකොට ජන්කුක් ජිමින්ගෙ කලවා වලින් අල්ලගෙන එයාව කෝලා කෙනෙක් වගෙ බදාගෙන ඉන්න ජිමින්ව උස්සගෙන හිටියා


"මම ගිහින් එන්නම් marigold"

ජිමින් ගෙ චූටි නහය කිස් කරපු ජන්කුක් ජිමින් දිහා බලලා යන්තම් හිනා වෙන්න උත්සාහ කරනකොට ජිමින් ජන්කුක් ගෙ නහය හව් ගාලා හපලා හිනා උනා.


"එනකොට ආදරෙන් හිනා වෙන්නත් පුරුදු වෙලා එනවා.... ඒ වගේම රොමෑන්ටික් වෙන්නත්"

ජන්කුක් දිහා බලලා ජිමින් බොරුවට ඔරවනකොට ජිමින්ව බිමින් තිබ්බ ජන්කුක් ජිමින්ගෙ චබී චීක්ස් මිරුක්වා.


"රිදුනානේ..."

ජන්කුක් චීක්ස් අත ඇරිය ගමන් ජිමින් බුම්මගෙන පැමිණිලි කලා.

"ගුක් ට නම් පුලුවන් හොදට රොමෑන්ටික් වෙන්න. ගුක් තමා මට කීවේ ඔයාට ගිටාර් එකක් ගහලා සිංදුවක් කියලා ප්‍රපෝස් කරන්න කියලත්. හී ඊස් මය් ලව් ඩිරෙක්ටර්...."

𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now