37 කොටස

309 111 29
                                    

"නොව්... නොව් ඒක වෙන්න බෑ...!! මගෙ ඩැඩ් ජීවත් වෙනවා"

"මේක ජෝක් එකක්..!! යස් මට ෂුවර්. මේක ජෝක් එකක්"

අවුරුදු දහයක් වයස පුංචි කොල්ලා ජන්කුක්  තමන්ගෙ තාත්තා ගෙ ඩෙඩ් බොඩි එක ඇම්බියුලන්ස් එකට පටවනකොට පුලුවන් තරම් හයියෙන් කෑ ගැහුවෙ අඩා වැලපෙන ගමන්.





"ඩැඩ් ඔයා විහිළුවක් කරන්නෙ..!! ඇස් අරින්නකෝ... ඔයාගෙ චූට් කුකී ව දාලා යන්න එපා ඩැඩ්... ප්ලීස් බෙග් යූ"

"මගෙ ඩැඩ් මට පොරොන්දු උනා. එයා අපිව දාලා යන්නෙ නැහැ කියලා!!"

ජන්කුක් කෑ ගහගෙන පොලිස් ඔෆිසර්ස් ලාව තල්ලු කරන්න හදනකොට ජන්කුක් ව අල්ලා ගත්ත පොලිස් ඔෆිසර් කෙනෙක් පුංචි ජන්කුක් ව වඩා ගත්තා.




"පුතා... ප්ලීස්... සංසුන් වෙන්න පැටියෝ"

"නෑ... නෑ.. මගෙ ඩැඩ් ට මාව දාලා යන්න බෑ. එයා මට පොරොන්දු උනා එයා හැම වෙලාවෙම මාත් එක්ක විතරයි ඉන්නෙ කියලා."

"එයාව අරන් යන්න එපා"

ජන්කුක් කෑ ගහනකොට පොලිස් ඔෆිසර් ජන්කුක් ව වඩාගෙන අනිත් පැත්ත හැරෙනකොට ඔෆිසර් ගෙ ඇස් ලොකු උනෙ ගේට් එක ලග හිටගෙන ඉන්න ජන්කුක් ගෙ කපාපු පලුව දැකලා.






"ජන්කුක්..? මොකද මෙතන වෙන්නෙ?"

පුංචි ජන්කුක් ගෙ සහෝදරයා උන ජන්ගුක් ගෙ අතින් අල්ලගෙන එතනට කලබලයෙන් ඇවිදගෙන ආව පුංචි ජන්කුක් ව සහ ජන්ගුක් ව බලාගන්න රූපට්ට උදව් කරපු ආයා අම්මා කලබලෙන් අහනකොට පොලිස් ඔෆිසර් ජන්කුක් ව වඩාගෙනම ඇයට කරුණු පැහැදිලි කලා.








"නෑ... නෑඈඈඈ"

"මේක බොරුවක්... ජන්කුක් මේක බොරුවක් නේද?"

ඔෆිසර් කිව්ව වචනවල තේරුම පුංචි ගුක් ට තේරෙනකොට උගුර ලේ රහ වෙන තරම් හයියෙන් කෑ ගැහුව ජන්ගුක් එයාගෙ තාත්තා ගාවට දුවගෙන යන්න හදනකොට ආයා අම්මා චූටි ජන්ගුක් ව අල්ලලා බදා ගන්නකොට පොලිස් ඔෆිසර් ගෙ අත් දෙකට හිරවෙලා හිටපු ජන්කුක් වගේම ආයා අම්මාගෙ පපුවට තුරුලු උන ජන්ගුක් ගෙ වේදනාත්මක විලාපය ලන්ඩන් අහස පුරා පැතිරෙන්න ඇති.

𝚁𝚊𝚒𝚗 𝙳𝚛𝚘𝚙𝚜 | Jikook ✓Where stories live. Discover now